මධ්‍යම කදුකරය තුල මේ වන විට පවතින වියළි කාලගුණික තත්වයන් මත හැටන් ආශ්‍රිත බොහෝ ප්‍රදේශයන් තුල සිදු කරනු කැලැ ගිනි තැබිම් හේතුවෙන් මෙම ප්‍රදේශයේ කැලැ අක්කර විශාල ප්‍රමානයක් විනාශයට පත්ව ඇත.
මෙම තත්වනයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ මේ වන විට පවතින වියළි කාලගුණික තත්වයන් මත හැටන්, වටවල, රොසැල්ල, බගවන්තලාව, මාඋස්සාකැලේ, වැනි ප්‍රදේශයන් තුල සිදු කරනු ලබන කැලැ ගිනි තැබිම් හේතුවෙන් එම ප්‍රදේශවල කැලැ අක්කර විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති බවත්ය.

මෙම ප්‍රදේශවල සමහර පුද්ගලයන් විනෝදයට මෙන්ම එම කැලැ තුල ජිවත්වන සතුන් දඩයම් කිරිමේ අරමුණ මත මෙම කැලැ ගිනි තැබිම් සිදුකරන බවත් මෙම තත්වයන් තුල මෙම ප්‍රදේශවල කැලැ විනාශ වන්නා සේම දැඩි පරිසර විනාශයක් සිදුවෙමින් පවතින බවද එම පිරිස් පවසති.
එමෙන්ම මෙම කැලැ ගිනි තැබිම් හේතුවෙන් මෙම ප්‍රදේශයන් තුල පවතින ජල පෝෂක ප්‍රදේශ විනාශයට පත් විමෙන් ඉදිරියේදි දැඩි ජල හිගයකට මුහුණ දිමට තමන්ට සිදුවන බවද පවසන එම පිරිස් මෙසේ කැලැ ගිනි තබන අයවලුන්ට එරෙහිව දැඩි පියවර ගැනිමට අදාල බලධාරින් පියවර ගත යුතු බවද පවසති.

මේ අතර බගවන්තලාව කොටියාගල ප්‍රදේශයේ ලදු කැලැවක් තුල හට ගෙන ඇති ගින්නක් හේතුවෙන් එම කැලැවේ අක්කර දෙකක පමන ප්‍රමානයක් මේ වන විට විනාශයට පත්ව ඇත.
මධ්‍යම කදුකරයට පවතින වියළි කාලගුණික තත්වයන් මත සමහර පිරිස් විසින් සිදු කරනු ලබන කැලැ ගිනි තැබිම් හේතුවෙන් මේ වන විට මධ්‍යම කදුකරයේ කැලැ අක්කර විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව ඇත.
බගවනතලාව කොටියාගල ප්‍රදේශයේ ඇතිවි ඇති ගින්න පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු බගවන්තලාව පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ප්‍රදේශය තුල පවතින වියළි කාලගුණික හා සුලං තත්වයන් හේතුවෙන් ගින්න සිග්‍රයෙන් පැතිර යන බවත් එම තත්වයන් මත එම ගින්න මැඩ පැවැත්විම අසිරු තත්වයක පවතින බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts