අභිමානවත් පෞරුෂයක් ඇති පිරිපුන් දරුවකු නිර්මාණය කිරිමේ අරමුන මත හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් දැනුවත් කිරිමේ මනෝ විද්‍යාත්මක හා රස වින්දාත්මක සංගිත වැඩ සටහනක් සොදුරු ජිවන ගීතය නමින් හැටන් ශ්‍රිපාද ශ්‍රවනාගාරයේදි 27වන දින පවත්වන ලදි.

හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ විදුහල්පතිනි ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මියගේ උපදෙස් මත එම විදුහලේ ගුරු මණ්ඩලය විසින් එම විදුහලේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් දැනුවත් කිරිම සදහා මෙම සොදුරු ජිවන ගීතය වැඩ සටහන සංවිධානය කර තිබුනි.

පස්බාග කෝරල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජේශ්ඨ මනෝචිකිත්සක උපදේසිකා (කාන්තා හා ලමා කටයුතු අමත්‍යාංශය) ආර්. එම්. සුමාලි බුද්ධිකා මහත්මිය විසින් මෙම සොදුරු ජිවන ගීතය වැඩ සටහන ඉතාමත් අලංකාර ලෙස ගීත ගායනා කරමින් මෙහෙයවන ලදි.

මේ පිලිබදව අදහස් දැක්වු හැටන් ප්‍රාථමික විදුහලේ විදුහල්පතිනි ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මිය පවසන ලද්දේ මෙම වැඩ සටහන තුලින් තම විදුහලේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියන් තම දරුවන්ට ආදරය සෙනහස දැක්විම පිලිබදව නව මානයකින් සිතිමට පියවර ගනු ඇති බවත් ඒ තුලින් මෙම සමාජයට අභිමානවත් පෞෂර්යකින් යුත් පිරිපුන් දරුවන් බිහි කිරිමේ අඩිතාලම දැමිමට හැකි වෙතැයි විස්වාස කරන බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts