21 ඇති බලතල ගැන නීතිඥ සංගමයෙන් ප්‍රකාශයක්

law

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරන නාම යෝජනාවල සුපිළිපන්භාවය තහවුරු කරගන්නා ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉල්ලා සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය, ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින්නේ, පක්ෂග්‍රාහීත්වයෙන් තොරව මෙම නාමයෝජනා ඉදිරිපත් කළ යුතු බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කරන සියලුම පත්කිරීම්, මහජන විශ්වාසය ඇතිවන ආකාරයෙන් කළ යුතු බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙනවා.

එමෙන්ම, නිල බලයෙන් පත් නොවන සාමාජිකයින්ගේ පත්වීම් විනිවිදභාවයෙන් සහ විවෘතව කිරීමට වග බලා ගැනීමත්, පත්කරන නියෝජිතයින් මහජනතාවට පිළිගත හැකි සහ කීර්තියක් සහිත පුද්ගලයින් වීමත් වැදගත් බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එම සංගමය පෙන්වා දෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්ථාපනය කිරීමෙන් පසු, ස්වාධීන කොමිෂන් සභාවල සහ අනෙකුත් ආයතනවල සභාපතිවරුන් සහ සාමාජිකයින් නම් කිරීමේ ක්‍රමවේදයද විනිවිදභාවය සහිතව කළ යුතු බවයි.

ස්වාධීන කොමිෂන් සභා කෙරෙහි මහජන විශ්වාසය ඇතිවන අයුරින් ක්‍රියා කළ සභාපතිවරුන් සහ සාමාජිකයින් ඉවත් කිරීම සඳහා 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම, නිදහසට කරුණක් ලෙස යොදා නොගන්නා ලෙසට ද නීතීඥ සංගමය පාර්ලිමේන්තුව නියෝජනය කරන පාලක සහ විපක්ෂ සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් ස්වාධීන ආයතන ඇති කිරීමේ ගැටළුව විසඳීමට 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපොහොසත් වුවහොත්, එය, යෝජිත දූෂණ විරෝධී නීතිය වැනි අනාගත නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සහ මෙරට නීතියේ ආධිපත්‍යයට අහිතකර බලපෑමක් ඇති කරනු ඇතැයි ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….