money converter

අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ස්ථානාභාර නිලධාරිවරයා වශයෙන් කටයුතු කළ නිලධාරියා අල්ලස් මුදලක් ලබාගත් අවස්ථාවේ කොළඹ පිහිටි අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින්  සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ සේවයේ නියුතු නිලධාරියෙකු බිරිදක විසින් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ පොලිස් ඒකකයට සිදුකර තිබු පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අදාල කාන්තාවගේ සැමියා අනුරාධපුර මහ නගරසභාවේ ගිනි නිවන ඒකකයේ දෙවන නිලධාරියා වශයෙන් කටයුතු කර තිබෙනා අතර බිරිද ගිනි නිවිමේ උපකරන (සිලින්ඩර්)අලවිකිරිමේ ආයතනයක් පවත්වාගෙන ගෙන ගොස් තිබේ.

එම භාණ්ඩ අලවිකිරිමේදි එක් සිලින්ඩරයකට රුපියල් 500 බැගින් රුපියල් 29000 අල්ලස් මුදලක් සැකකරු ඉල්ලු බව පවසමින් කාන්තාව අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයට පැමිණිලිකර අදාල කොමිස් මුදල ලබාගන්නා අවස්ථාවේ ගිනි නිවිමේ අංශයේ ප්‍රධානියා අල්ලස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවටගත් සැකකාර නිලධාරියා පෙරේදා (29දා)රාත්‍රීයේ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස (5දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.

එදිනට සැකකරු කොළඹ පිහිටි ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසාවිනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා බන්ධනාගාර අධිකාරියට නියෝග කළේය.

අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවිමේ ඒකකයේ ස්ථානභාර නිලධාරිවරයා අල්ලස් හා දූෂණ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඊයේ (30දා) අනුරාධපුර නාගරික කොමසාරිස් රුවන් විජේවර්ධන මහතා සේවකයන් කැදවා අවවාද කිරිම සිදුකර තිබෙනා අතර එහිදි අල්ලස් ලබාගත් බව කියන නිලධාරියේ සේවය අත්හිටුවීමටත් තවත් නිලධාරියෙකු ස්ථානමාරු කිරිමටත් කටයුතු කර තිබේ.

ප්‍රධාන නිලධාරියා අල්ලස් හා දුෂණ විමර්ශන ඒකකයේ නිලධාරින් අත්අඩංගුවට ගැනිමෙන් පසුව දෙවන නිලධාරියා මහ නගර සභාවේ උසස් නිලධාරියෙකු දුරකථනයෙන් අමතා අන්න මම අරූට වැඩේ දුන්නා යනුවෙන් පවසා තිබෙන බව ගිනි නිවන සේවකයන් පිරිසක් අනාවරණය කළ අතර සේවා ස්ථානයේ පුටු ආරවුලක් හේතුවෙන් කළක සිට පැවති ගණුදෙනුව අල්ලස් බවට පත්වි ඇති බව සේවකයන් පිරිසක් අනාවරණය කළහ.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Similar Posts