අනාගතයක් නැති වර්තමානයක්

thirumugan

වර්තමානය දෙස බලන විට අනාගතයක් අපිට නැති බවයි පෙනෙන්නේ අනාගතයක් තියෙනවා නම් පිටරට යන්න පාස් පෝට් ගන්න පොලිමේ ඉදියිද මෙහි හිටියොත් අනාගතයක් නැති බව දන්න නිසායි ඔවුන් රට යන්න හදන්නේ.

මධ්‍යම පලාත් හිටපු ප්‍රධාන ඇමති ශ්‍රිලංකා නිදහස්පක්ෂ නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක මහතා මේ බව පවසන ලද්දේ ශ්‍රිලංකා නිදහස් පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක සදානන්දන් තිරුමුගන් මහතාගේ පක්ෂ කාර්යාලයක් වටවල නගරයේ විවෘත කිරිමේ උත්සවයක් අමතමිනි.

මෙහිදි වැඩි දුරටත් කතා කල සරත් ඒකනායක මහතා මැතිවරණවලදි  1952 දි ශ්‍රිලංකා නිදහස් පක්ෂයට අට දෙනායි පත්වුනේ 1977 මැතිවරණයේදිත් ශ්‍රිලංකා නිදහස් පක්ෂයට ආසන අටයි එත් දැන් 14 ඉන්නවා ශ්‍රිලංකා නිදහස් පක්ෂය වැටිලා තියෙනවා නැගිටලා තියෙනවා.

thirumugan1

මෙවර ශ්‍රිලංකා නිදහස් පක්ෂය නැගිටින්නේ සංධාන ගතවිමකින් මේ රටේ රාජ්‍ය බලය ගන්නයි අපි මෙවර සංධාන ගත වෙන්නේ රට විනාශ කරන අය සමග නොවෙයි රට විකුනන අය සමග නොවෙයි අපි සංධාන ගත වෙන්නේ මේ රටට ආදරය කරන මේ රට විකිනිමට විරුද්ධ වන අය සමගයි.

වර්ථමානය දෙස බලන විට අනාගයක් අපිට නැති බවයි පෙනෙන්නේ අනාගතයක් තියෙනවා නම් පාස් පෝට් ගන්න පොලිමේ ඉදියිද මෙහි හිටියොත් අනාගතයක් නැති බව දන්න නිසායි ඔවුන් රට යන්න හදන්නේ එත් මම කියනවා අපි හොද රටක් හදන බව අපි ගජ මිතුරන්ට හොරකම් කරන්න නොදෙන රටක් හදනවා.

ශ්‍රිලංකා නිදහස් පක්ෂය ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ප්‍රබලයන් කිප දෙනකුම පත් කරලා තියෙනවා එයින් එක් අයෙක් තමයි මේ තිරුමුරුගන් ඔහු ඇවිත් තියෙන්නේ ජනතාවට සේවය කිරිමටයි ඡන්ද කාලයට එක එක නත්තල් පප්පලා එනවා අරක දෙන්නම් මේක දෙන්නම් කියලා එත් දිපු දෙයක් නැහැ.

එහෙම දුන්න නම් අදටත් මේ ජනතාව මෙහෙම ඉන්නේ නැහැනේ එසේම අපිට නිදහස් ලැබිලා අවුරුදු 74 වෙනවා එත් මොකද වුනේ රෝටි කැල්ලක් කන්න ක්‍රමයක් නැහැ ලාම්පුවක් පත්තු කර ගන්න භුමි තෙල් නැහැ නැහැ නේද.

අද තේ වගාවට පොහොර නැහැ මේ ආන්ඩුව දෙනවා කියපුවා දෙන්නේත් නැහැ නේද පොහොර නිකං දෙනවා කිවා එත් දෙනවාද නැහැ නේද මේ තිරුමුරුගන් නත්තල් පප්පෙක් නොවෙයි ඔහු මේ ඇවිත් ඉන්නේ සේවය කරන්නයි නැතිව ඡන්දයකට නොවෙයි මොකද දැන් ඡන්දයක් නැහැනේ.

මෙහි තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි යටිතල පහසු කම් නිසි ලෙස නොමැති විම එත් මේ තිරුමුරුගන් මහතා මෙහි යටි තල පහසුකම් ඇති කිරිම සදහා වීශේෂ වැඩ පිලිවෙලක් ආරම්භ කිරිමට පියවර ගෙන තිබෙනවා එහි ආරම්භ පියවර තමයි වටවල වැනි ප්‍රදේශයක මෙම කාර්යාලය ආරම්භ කිරිමට පියවර ගැනිම.

ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික  අයිතියක් තමයි තමන්ට තියෙනදේ අනුන්ට දිම දැන් බලන්න ජනාධිපතිධුරය අයින් කරනවා කියලා කිදෙනෙක් ආවද එත් කවුද අයින් කලේ ටිකක්වත් අයින් කලේ මෛත්‍රිපාල සිරිසේන මහතායි අවුරුදු හයක් තිබුන මුක්තිය අවුරුදු පහක් කලා මේ රටේ කොමිසන් පත් කලා නිදහසේ වැඩ කරන්න අනික් අය එහෙමවත් කලාද නැහැ නේද.

මෙහිදි ශ්‍රිලංකා නිදහස් පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක සදානන්දන් තිරුමුරුගන්, මස්කෙළිය ශ්‍රිලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්. ජි.රණසිංහ, ශ්‍රිලංකා නිදහස් පක්ෂ මස්කෙළිය ආසන ද්‍රවිඩ සංවිධායක සුන්දරරාජ් ප්‍රභාහරන් යන මහත්වරුන්ද කතා කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….