rukii

රජය විසින් ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වධහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව සැප්තැම්බර් 25 වැනි දින කොළඹ ජානකී හෝටලයේදී සම්මන්ත්‍රණයක් පවත්වන ලදී.

මෙම පනත මුලින්ම ඉදිරිපත් කළේ මාර්තු මාසයේදී නමුත් පසුව සිවිල් සමාජයේ විරෝධය හේතුවෙන් එය ඉවත් කර ගන්නා ලදී. මේ සඳහා තම අදහස් ඉදිරිපත් කිරීමට මහචාර්‍ය රොහාන් සමරජීව, ආචාර්‍ය නිමල්කා ප්‍රනාන්දු සහ මානව හිමිකම් ක්‍රියාදරයෙකු වන රුකී ප්‍රනාන්දු යන අය සහභාගී විය.

මෙහි දී ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් තම අදහස් ඉදිරිපත් කෙරූ රුකී ප්‍රනාන්දු මහතා පැවසුවේ,
ත්‍රස්ත විරෝධී නීති මගින් සැකකරුවන්ගේ අයිතිවාසිකම් සීමා කරන බවයි. එසේම ආණ්ඩුව වසර 44ක් තිස්සේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් මිනිසුන් මර්දනය කිරීමට උත්සහ කල බවත් ඔහු පවසා සිටියේය.

තවද 2018 වසරේ යහපාලන රජය CTA පනත ගෙන ඒමට උත්සාහ කළේ ප්‍රති ත්‍රස්ත පනත (ATA) අහෝසි කිරීමට බවත් පසුව, විරෝධතා හේතුවෙන් CTA අවලංගු කිරීමට රජයට සිදු වූ බවත් රුකී ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. මේ වසරේ මාර්තු මාසයේදී ATA මුලින්ම හඳුන්වා දුන් විට සිංහල සමාජයද ඊට එරෙහිව නැගී සිටි අතර ඊට පෙර ප්‍රධාන වශයෙන් දෙමළ ප්‍රජාවගෙන් විරෝධතා එල්ල වූ බව ඔහු අවධාරණය කළේය. එසේම 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුස්ලිම් ප්‍රජාවට එරෙහිව බහුලව භාවිතා වූ බව ඔහු සඳහන් කළේය.

එසේම මෙම පනත යටතේ ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනය ඉතා පුළුල් වන අතර ඕනෑම දෙයක් ත්‍රස්තවාදය ලෙස පහසුවෙන් අර්ථකථනය කර එයට එරෙහිව මෙම නීතිය පැනවිය හැකි බවත් ඔහු හෝ ඇය නිර්දෝෂි බව ඔප්පු වූවත් නඩුව විභාග වන තුරු සැකකරුට අත්අඩංගුවේ සිටිය යුතු බවත් ඔහු අවසානයේ සඳහන් කළේය.

Similar Posts