rasayanika

සමස්ථ ලංකා ගොවිජන බල මංඩලයේ සභාපතිවරයා (සුළු වාරීමාර්ග) කාබනික පොහොර යොදා ගනිමින් වගා කිරීම සිදුකරන බව පවසා රසායන පොහොර භාවිතා කරමින් වගා කටයුතු වල නිරතව සිටියදි ගොවින් අතට අසුවීම නිසා ගලෙන්බිදුණුවැව 186 යකල්ල ප්‍රදේශයේ ජනතාව ඔහුට ඊයේ (07) දැඩි විරෝධය පල කළහ.

ගලෙන්බිදුණුවැව 186 යකල්ල ප්‍රදේශයේ ජනතාව සුළු වාරිමාර්ග නියෝජනය කරන සමස්ථ ලංකා ගොවිජන බලමංඩලයේ සභාපති ගුණපෙම සමරකෝන් මහතාගේ කෝණ්වැව ප්‍රදේශයේ පිහිටි බඩ ඉරිගු වගාවට යනු ලැබුවේ සභාපතිවරයා විසින් සිදුකරණ වගාව සදහා කබණික පොහොර යොදන අයුරු නිරික්ෂණය කර උපදේස් ලබා ගැනීමටයි.

ගොවි ජනතාව එහි යන අවස්ථාවේ සභාපතිවරයා වගාව සදහා රසායනික යොදන අයුරු දුටු පිරිසක් ඊට විරෝධය පලකරමින් උණුසුම්කාරි අයුරින් හැසිරුණේ සභාපතිවරයාගේ දෙබිඩි ප්‍රතිපත්තියට විරෝධය පල කරමින්ය.

rasayanika1

විරෝධතාවය පල කළ  ගලෙන්බිදුණුවැව 186 යකල්ල ප්‍රදේශයේ ගොවින් පවසා සිටියේ ගොවි නායකයෙක් යැයි පවසන සමරකෝන් මහතා පසු ගිය දිනයක අනුරාධපුර ගොවි ජනතාව නියෝජනය කරමින් ජනපති ඉදිරියට ගොස් රසායනික පොහොර වලට තමන් විරුද්ධ බව පවසමින් කාබනික පොහොර අවශ්‍යතාව දැඩිව ඇති බව පවසා සෙසු ගොවි ජනතාව මුලාවේ දමා ඇති බවයි.

ජනපතිට හොද මුහුණ පෙන්වා ගොවියාට මුවා වී සිය පුද්ගලික වාසි වෙනුවෙන් පෙනි සිටමින් පොහොර අයතා ලෙස ලබාගෙන තමන්ගේ වගාවට රසායනික පොහොර යෙදීම වැරදි පුර්වාදර්ශයක් බව ගොවින් පැවසුහ.

විරෝධතාවය පලකල ගොවි ජනතාව සභාපතිවරයාගේ වගා බිමට යන විටත් බඩ ඉරිඟු වගාවකට රසායනික පොහොර යොදමින් සිටි අතර රසායනික පොහොර ලැබුණේ කෙසේද යන්න විමසීමත් සමග විරෝධතාවය දැක්වු පිරිස හා සභාපතිවරයා අතර උණුසුම්කාරි තත්ත්වයක් ඇති විය.

ගොවි ජනතාව පවසා සිටියේ සෙසු ගොවින්ට පොහොර ලබා නොදි පසුගිය කාලයේ ගොවීන්ට ලැබුණු පොහොර කිසියම් ක්‍රමයකට ලබාගෙන රසායන පොහොර සිය අස්වැන්නට යෙදීමට කටයුතු කිරීම පහත් ක්‍රියාවක් බව පවසමින් ගොවි ජනතාව ඔහුට දිගින් දිගටම විරෝධතාවය පලකළහ.

කෙසේ වෙතත් අප මේ පිළිබදව සභාපතිවරයාගෙන් විමසා සිටි අතර ඔහු මෙසේ පැවසුවේය.මේ මහවැලි පොහොර.යල කන්නයේ ළුණු වලට දුන්න පොහොර.බඩ ඉරිගු වගා කලේ හුරුළු වැවේ.

මට අක්කර 12 තියෙනවා.එතකොට මම උදු වගාකලා සොයා වගා කලා මම ඒවාට ගත්ත පොහොර ඉතුරු කර ගත්තා.පොහොර මිටි හයක් ඉතිරි වුණා.නෑ කියන්නේ නෑ.ඒවා බඩ ඉරිගු වලට දානවා.වී වගාවට කාබනික පොහොර හදලා තියෙනවා .අපි වී වගාවලට කාබනික පොහොර යොදනවා.

කෙසේවෙතත් විරෝධය පල කල ගොවි පවසන්නේ ඉතුරු වෙන්න තරම් පොහොර ලැබීම පිළිබදවත් සැකයක් පවතින බවයි.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

 

news in sri lanka

Similar Posts