ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න මේ දේවල් කරන්න

corona

අපේ ශරීරයට ආගන්තුක රෝගකාරකවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි නම් එය අපේ නිරෝගී බවට ප්‍රධාන හේතුවක් වෙනවා. ශරීරයේ හා මනස සතු මේ ඔරොත්තු දීමේ හැකියාව හඳුන්වන්නේ ‘ප්‍රතිශක්තිය’ නමින්.

වසර දහස් ගණනකට පෙරාතුවද ආයුර්වේදයේ මෙම ප්‍රතිශක්තිය පිළිබඳව දක්වා ඇති අතර රෝග සුව කිරීම මෙන්ම ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමෙන් නිරෝගී බව රැක ගැනීම යන කාරණා දෙකම එක ලෙස වැදගත් බව කියා තිබෙනවා.

ප්‍රතිශක්තිය පිළිබඳව ආයුර්වේදයේ සඳහන් කර ඇත්තේ මොනවාද?

ආයුර්වේදයේ මෙය දක්වා ඇත්තේ ‘ව්‍යාධි ක්ෂමත්වය’ යන නමින්. එනම් රෝග හෙවත් ව්‍යාධීන්ට ඔරොත්තු දීමේ හැකියාවයි. මෙහිදී වැලඳුණ රෝගයක පැතිරීම අවම කර සංකූලතාවයන් අවම කිරීමේ හැකියාව සහ තවමත් නොවැලඳුණ රෝගයකට එරෙහි වීමට ඇති හැකියාව යන දෙකම අර්ථකථනය වී තිබෙනවා.

මෙයට ’ඕජස’ සහ ‘බල්‍ය’ යන වචනත් ආයුර්වේදයේදී යොදනවා. ඕජස යනු සිරුරේ මාංස, අස්ථි ආදී සියලුම ධාතු පටකයන්හි සාරවත් කොටස වන අතර එයම ශරීරයේ ශක්තිය රඳා පවතින කොටස වන හෙයින් ‘බල්‍ය’ නම් වෙනවා.

මේ අනුව රෝගවලට ඔරොත්තු දීමට නම් ශරීරයේ නිවැරදි ධාතු පෝෂණ යාන්ත්‍රණයක් එනම් ආහාර දිරවීමේ සිට සිරුරේ සිදුවන සියලුම පරිවෘත්තීය ක්‍රියා නිවැරදිව සිදු වී අවසානයේ එමගින් සෑදෙන සාරවත්ම පදාර්ථ ශරීරයට අවශෝෂණය විය යුතු බවයි දක්වා තිබෙන්නේ. මේ සඳහා නිවැරදි ආහාර හා චර්යා රටාවක් පවත්වාගත යුතුයි.

ආයුර්වේදයට අනුව ව්‍යාධික්ෂමය හෙවත් ශරීරයේ ප්‍රතිශක්තිය හීන කරන හේතු මොනවාද?

දරුණු රෝග තත්ත්ව, දීර්ඝකාලීන රෝග, නිරන්තරයෙන් රෝගවලට ගොදුරු වීම නිසා ශරීරයේ දෝෂ දූෂණය වී ශරීරය දුර්වල වීම.
ශරීරයේ ජලීය පදාර්ථ අඩුවීම, විජලනය.

බාහිර රෝගකාරකවලට ගොදුරු වීම

අධික ව්‍යායාමය, කාර්යබහුල බව.

රාත්‍රි නිදිවැරීම

බය, තරහව, ඊර්ෂ්‍යාව සහිත හැඟීම් නිරන්තර ඇතිවීම සහ නිතර මානසික ආතතියෙන් පසුවීම.

ශරීර ප්‍රතිශක්තිය වර්ධනය කරන කාරණා ලෙසට දක්වා ඇත්තේ මොනවාද?

උපන් දේශය යහපත් දේශගුණයක් සහිත භූමියක් වීමද හොඳ ප්‍රතිශක්තියක් හිමිවීමට හේතුවන බව දක්වා ඇත.

යහපත් කාලයක, සෘතුවක ජීවත් වීම.
මව්පියන්ගෙන් සහජයෙන්ම උරුම වූ ශරීර බලය.
පෝෂ්‍යදායී ආහාරපාන
හොඳ ශරීර ශක්තියක් තිබීම.
නිතිපතා ව්‍යායාම සිදු කිරීම
යහපත්, උද්‍යෝගිමත් මානසිකත්වයෙන් කල්ගත කිරීම.

ප්‍රතිශක්තිය වර්ධනයට ආයුර්වේදයේ පවසා ඇති පිළියම් මොනවාද?

හොඳ නින්දක්, පෝෂ්‍යදායී ආහාර, යහපත් ඇවතුම් පැවතුම් යන කාරණා පවත්වා ගැනීම.
ඒ ඒ කාලයට, දේශයට, සමාජයට, පරිසරයට ගැළපෙන අයුරින් යහපත් ඇවතුම් පැවතුම් ඇතිව ජීවත් වීම.
සුදුසු ලෙස ශරීරයේ අනවශ්‍ය දොස් ඉවත්කරන පංචකර්ම ප්‍රතිකාර වැනි ශෝධන ප්‍රතිකාර සිදු කිරීම.
වෛද්‍ය නිර්දේශය මත සුදුසු රසායන, වාජීකරණ ඖෂධ භාවිතය.
හොඳින් දිරවන ආහාර ගැනීම, හොඳින් ආහාර පැසවන ආහාර, ඖෂධ සේවනය හා ඒ පිළිබඳ සැලකිලිමත් වීම.

රසකිඳ, නෙල්ලි, වැල්මී, හාතාවාරිය, දුහුඳු, ලුණුවිල, ගොටුකොළ, අමුක්කාරා වැනි ඖෂධීය ශාක ඖෂධ වශයෙන්, ආහාර වශයෙන්, පාන, කැඳ වර්ග ආදී වශයෙන් ගැනීම ශරීර බලය, ප්‍රතිශක්තිය වර්ධනයට ඉතා හොඳයි. අරලු, බුළු, තිප්පිලි, ගම්මිරිස්. වියළි ඉඟුරු, කුරුඳු ආදී කුළුබඩු වර්ගත් හොඳයි. විශේෂයෙන්ම රසායන ඖෂධ,

උදාහරණ-ව්‍යවනප්‍රාශාවලේප, බ්‍රාහ්මී රසායන වැනි අවලේහ වර්ග සහ රත්රන්, රිදී ආදී ලෝහ භාෂ්මවලින් ශරීරයට හිතකර ලෙස නිපදවූ රස ඖෂධ වෛද්‍ය නිර්දේශය මත ශරීර බලය හීන වූ රෝගීන්ට ප්‍රතිශක්ති වර්ධනය පිණිස ප්‍රයෝග ගනු ලබනවා.

මේ සම්බන්ධයෙන් ආහාර හා චර්යා පිළිබඳ නිර්දේශ මොනවාද?

ශරීර බලය වඩවන, මධුර රස ආහාරපාන, පෝෂණ ගුණය ඉහළ ආහාරපාන තමාගේ ශරීර සෞඛ්‍යයට ගැළපෙන අයුරින් භාවිතය.

උදාහරණ-කිරි, මීපැණි, හකුරු, බටර්, එළඟිතෙල් ආදිය.

මිදි, දොඩම්, අම්ල රස, මධුර රස පලතුරු වර්ග යෝග්‍යයි.
අධිකව ලුණු, මිරිස් යෙදූ ආහාර, තිත්ත රස අම්ල රස ආහාර අධිකව පරිභෝජනය, අධික ශීත හෝ අධික උෂ්ණ ආහාර, සකස් කරන ලද ආහාර, කෘතිම ආහාර ආදිය භාවිතය නුසුදුසුය.
දිනපතා නිවැරදි ව්‍යායාම රටාවක් පුරුදු පුහුණු කිරීම.
යෝග, ප්‍රාණයාම, භාවනා ක්‍රම ආදිය පුරුදු පුහුණු කිරීම.
කය, මනස මෙන්ම ආධ්‍යාත්මික සුවය සලසා ගැනීම පිළිබඳ සැලකිලිමත් වීම.
යහපත් ඇවතුම් පැවතුම්වලින් යුතු වීම.

ආදී කාරණා ඔබේ ‘ව්‍යාධි ක්ෂමත්වය’ හෙවත් රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව කෙරෙහි බලපාන බව සිහි තබාගත යුතුයි.

වෛද්‍ය ප්‍රභාෂී වීරසිංහ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….