හැටන් ප්‍රධාන බස් නැවතුම් පල අසල කාණු පද්දති නිසි ලෙස සුද්ධ පවිත්‍ර නොකිරිමත් සමග එම ප්‍රදේශය පුරා දැඩි දුගදක් හැමිමත් සමග එම ප්‍රදේශය මැසි මදුරුවන්ගේ රජ දහනක් බවට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන්, ඇතුළු බස් මගින් බොහෝ දෙනකු පවසනුයේ මෙම කාණු පද්දති නිසි ලෙස සුද්ධ පවිත්‍ර නොකිරිමත් සමග මෙම ප්‍රදේශයන් පුරාවට දැඩි දුගදක් හමන බවත්ය.

එමෙන්ම මෙම තත්වයන් මත මෙහි මැසි මදුරු උවදුරද දැඩිව පවතින බවත් මෙම තත්වය් මත තම සරිර සෞඛ්‍යටද විවිධ තර්ජය එල්ලවිමේ අවදානමක් පවතින බවද ඔවුන් පවසති.

දිනපතා විශාල පිරිසක් පැමිනෙන මෙම බස් නැවතුම් පල භුමියේ කාණු පද්දති මෙසේ සුද්ධ පවිත්‍ර නොකිරිම දැඩි කනගාටුවක් බවත් මෙම තත්වයන්පිලිබදව අදාල බලධාරින්ගේ අවදානය යොමු විය යුතු බවද ඔවුන් තව දුරටත් පවසති.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ මෙම තත්වයන් පිලිබදව සොයා බලා එම කාණු පද්දති නිසි ලෙස සුද්ධ පවිත්‍ර කිරිමට නගර සභාවේ සෞඛ්‍ය අංශයට උපදෙස් ලබා දෙන බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts