මරදන්කඩවලින් මිහිපිට දෙවියෙකු මතුවෙයි

doc

සිය රෝහල් පරිශ්‍රයට හෘද්‍යා බාධයක් වැලදී අසාධ්‍ය තත්වයෙන් පැමිණි රෝගියෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා රෝහල් ගත කිරීමට ගිලන් රථයක් රෝහලේ නොමැතිවීම නිසා සිය මෝටර් රථයෙ නංවාගෙන වැඩි පහසුකම් ඇති රෝහලකට රැගෙන ගොස් දිවි බේරීමට සමත්වු මිහිපිහිට දෙවියෙකුවූ වෛද්‍යවරයෙකු පිළිබදව අනුරාධපුර මරදන්කඩවල ප්‍රදේශයෙන් වාර්තා විය.

ඉතා අඩු පහසුකම් සහිත තිරප්පනය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ලබුනෝරූව ගම්මානයේ පිහිටි ලබුනෝරුව ග්‍රාමිය රෝහලේ සේවයේ නියුතු ස්ථාන භාර වෛද්‍ය උපුල් කුමාර පියදාස මහතා රෝගියාගේ දිවි බේරා ගැනීමට අවශ්‍ය කටයුතු කර තිබේ.

ලැබුනෝරුව ගම්මානයේ පදිංචි 40 හැවරදි දෙදරු පියෙකු පසුගිය (30දා) ඔහුගේ ඇගපත අධික තෙහෙට්ටුවට ලක්විම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පාපැදියේ නැගි ලබුනෝරුව රෝහල වෙත ගොස් තිබේ.එම අවස්ථාවේ වෛද්‍යවරයා තවත් රෝගින් පිරිසකට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙමින් සිට ඇති අතර පැමිණි රෝගියා යම් අපහසුතාවකින් පෙලෙනා බව නිරික්ෂණයවී තිබේ.

වෛද්‍යවරයා විසින් ඔහුව කාමරයට කැදවා ඇති අතර එහිදි වෛද්‍යවරයාට ඔහු දරුණු හෘද්‍යා බාධයකින් පෙලෙමින් සිටිනා බව හා ඔහුගේ හදවට රුධිරය සපයන නාල කිහිපයක් අවහිරවි ඇති බව නිගමනයවි තිබේ.

රෝහලට ප්‍රතිකාර සදහා පැමිණ සිටි රෝගීන්ට වඩා එම රෝගියාගේ ජීවිතය අවදානමේ බව වටහා ගත් වෛද්‍යවරයා ගිලන් රථයක් නොමැති රෝහලට ගිලන් රථයක අධාර ඉල්ලා සිටිමෙන් රෝගි ජීවිතයට කිසියම් හානියක් සිදුවිය හැකි බව නිගමනය කර වහාම පෞද්ගලික මෝටර් රථයේ රෝගියා නංවාගෙන මරදන්කඩවල රජයේ රෝහලට රැගෙන ගොස් තිබේ.

කිලෝමීටර් 14ක් පමණ දුරකින් පිහිටි මරදන්කඩවල රෝහලට රෝගියා රැගෙන ගොස් එතැන් සිට ගිලන් රථයකින් ඔහුව අනුරාධපුර ශික්ෂණ රෝහලට යැවීමට වෛද්‍යවරයා කටයුතු කර තිබේ.රෝගියාගේ ඥාතින්වත් දැනුම්වත් කරමින් කාලය මිඩංගු නොකළ වෛද්‍යවරයා මනුෂ්‍ය ජීවිතයක ඇති වටිනාකම මැනවින් හදුනාගෙන සේවයට එහා ගිය උතුම් කර්තව්‍ය සිදුකර තිබේ.

වෛද්‍යවරයා සිදුකළ සත් ක්‍රියාව සම්බන්ධයෙන් අදහස් දැක්වු රෝගියාගේ ඥාතියෙකු වන කේ.එස්.ඒ.එන් රාජපක්ෂ මහතා.පසුගිය (30දා) තමයි සිද්ධිය වුනේ.මල්ලි ගිහිල්ලා තියනවා අසනීප වෙලා බෙහෙත් ගන්න.ඒ අවස්ථාවේ තමයි වෛද්‍ය තුමා ගිලන් රථයක් නැති නිසා ඔහුගේ මෝටර් රථයෙන් මල්ලිව මරදන්කඩවල රෝහලට ගෙනිහිල්ලා තියෙන්නේ.

ඒ වෙනකොට මල්ලිගේ හෘදයේ නාළ තුනක් සියයට 80-70 හා සියයට සියය වශයෙන් අවහිර වෙලා.එතුමා ඥාතින්ටවත් කථා නොකර දෙවියෙක් වගේ ඒ අවස්ථාවේ පිහිට වෙලා.අපි දන්නෙත් සිද්ධිය පැය කිහිපයකට පස්සේ.

අපි අනුරාධපුර ශික්ෂණ රෝහලට යද්දි මල්ලිව සැත්කමකට භාජනය කරලා හෘද දැඩිසත්කාර ඒකකයටත් ඇතුල් කරලා.දෙවියෙකු වගේ පිහිටවූ එතුමා නිසායි මල්ලිගේ ජීවිතය මේ වනවිට බේරිලා තියෙන්නේ යනුවෙන් ඔහු පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….