තවදුරටත් අරගලය ඉදිරියට ගෙන යා යුතු බවත් එසේ නොවුනහොත් දූෂිත කණ්ඩායම නැවත වටයකින් බලයට පැමිණීමේ අවධානමක් තිබෙන බවත් එක්සත් ජනරජ පෙරමුණ පවසයි.

ජුලි 9 ජනතා අරගලයට වසරයි ! ආර්ථික යුක්තිය උදෙසා නැගී සිටිමු ! යන මැයෙන් එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශය ( Youth Republic ) විසින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළවිය.

මෙම මාධ්‍ය හමුව සඳහා සම්බන්ධ වූ එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශයේ නියෝජ්‍ය ලේකම් තීක්ෂණ ගම්මන්පිල මහතා අදහස් දක්වමින් පවසා සිටියේ..

* ජූලි 9 කියන්නේ පීඩනය දරාගන්න බැරිව ජනතාව නැගී සිටි දවසක්.ස්වභාවයෙන් ජනතාව විසින් ඇරඹූ අරගලයක් ඒක.
එදා ජනාධිපති ධූරයෙන් පලාගියා. බොරු කියලා බලය අරගෙන රට කරන්න බැරි උනාම ඔහුගේ අසාර්ථක භාවය නිසා තමයි ජනතාව එකතු උනේ.

*ඒ අරගලයට දේශපාලන හෙන්චයියන් පහර දුන්නා.ජූලි 9 යේ ආරම්භය ඇති උනේ එතනින්.

* මේ අරගලය ඉදිරියට ගෙන යා යුතුයි එසේ නොවන්න දූෂිත කණ්ඩායම නැවත වටයකින් බලයට පැමිණීමේ අවධානමක් තිබෙනවා.

ඉන් අනතුරුව අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශයේ නියෝජිත භාග්‍යා වීරකෝන්

* මුලු රටක්ම එකට එකතු වෙච්ච දවසක් තමයි ජුලි 9 කියන්නේ.මෙහෙම ජනාධිපති කෙනෙක් එලවපු ඉතිහාසයක් තිබුනේ නෑ. නමුත් ජුලි 9 ඒක සිදු උනා.

* ජුලි 9 ඓතිහාසික දවසක්” දැන් ආර්ථික යුක්තිය ඉටු කරගැනීමේ අරගලයක් අපිට තිබෙනවා.ඒ සදහා අපි එකතු විය යුතුයි.

එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශයේ නියෝජිත ඉසුරු චන්ද්‍රසේකර

* දැන් හැංගිලා හිටපු අය එලියට ඇවිත් තිබෙනවා. ඒ වගේම අරගලය සම්බන්ධයෙන් දේශපාලන කාරණා බොහොමයක් එලියට ඇවිත් තිබෙනවා.

එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශයේ නියෝජිත සචිත්‍ර රණසිංහ

* ජුලි 09 කියන්නේ අපට සතුටු වෙනද පුළුවන් දවසක් වගේම දුක් වෙන දවසක්.

* අරගලය පිළිබඳව කොතරම් විවෙච්ජන සිදුකරත් එය රටට අවශ්‍ය වූ අරගලයක්

 

gossip c lanka

Similar Posts