ජනාධිපති සමාවක් ප්‍රදානය කල හැක්කේ කෙසේද? –  නීතිඥ දුලාන් දසනායක

දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාට ජනාධිපති සමාවක් ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා වන අතර දුමින්ද සිල්වා යනු මෙරට ජනාධිපතිවරයකු විසින් ජනාධිපති සමාව ප්‍රදානය කරනු ලැබූ පළමු පුද්ගලයාද නොවෙයි.

මීට පෙර වර්තමාන ජනාධිපතිවරයා විසින් කුඩා දරුවකු ඇතුළු සිවිල් වැසියන් පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණයක් මගින් මරණීය දණ්ඩනය නියම කල සුනිල් රත්නායක නම් යුද හමුදා සාජන්වරයාට ජනාධිපති සමාව ලබා දී තිබුණි.

එකී දඩුවමද දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රී වරයාගේ දඩුවම මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක් විසින් තහවුරු කොට තිබුණි. ජනාධිපතිවරයකුට ජනාධිපති සමාව ලබා දිය හැකි නීතිමය තත්වය පරීක්ෂාවට ලක් කිරීම මෙම ලිපියේ අරමුණයි.

ජනාධිපතිවරයකුට ජනාධිපති සමාව ලබා දීමේ හැකියාව ඇතත්, මරණීය දණ්ඩනයට ලක් වී සිටින පුද්ගලයකුට ජනාධිපති සමාව ලබා දීමේ නිසි පටිපාටියක් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හඳුන්වා දී ඇත. රෝයල් පක් ඝාතකයාට සමාව දීම සම්බන්ධයෙන්ද, සුනිල් රත්නායකට සමාව දීම සම්බන්ධයෙන්ද එකී ජනාධිපති සමාව නිසි ක්‍රියාපටිපාටිය අනුව සිදු නොකිරීම මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් ශ්‍රේෂඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වී ඇත. එකී පෙත්සම් සම්බන්ධ තීන්දු මේ වන තෙක් ලබා දී නොමැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති සමාව ගැන සඳහන් වන්නේ 34 වන ව්‍යවස්ථාවේ වන අතර 34 (1) (අ) ව්‍යවස්ථාව අනුව

ශ්‍රී ලංකාවේ කවර වූ අධිකරණයක වරදකරුවකු වූ වරදකරුවකුට,

  • සම්පූර්ණ හෝ කොන්දේසි සහගත සමාවක් ලබා දීමට,
  • දඩුවමක් කල් තැබීමට,
  • ලබා දුන් දඩුවම වෙනුවට ලිහිල් දඩුවමක් නියම කිරීමට,
  • නියම කරන ලද දඩුවමක් නිෂ්ප්‍රභ කිරීමට හෝ ඉන් කොටසක් අඩු කිරීමට
  • දඩුවමෙන් රජයට අයවිය යුතු දණ්ඩණයක් ඇත්නම් එය මුළුමනින්ම නිෂ්ප්‍රභ කිරීමට හෝ ඉන් කොටසක් අඩු කිරීමට,
  • එකී දණ්ඩනය අනුව කිසියම් වස්තුවක් රාජසන්තක කිරීමට නියම කර ඇත්නම් එකී රාජසන්තක කිරීම මුළුමනින්ම අත්හිටුවීමට හෝ එසේ වස්තුවෙන් කොටසක් පමණක් රාජසන්තක කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත.

එසේ නමුත් එකී ව්‍යවස්ථාව අනුවම යම් වරදකරුවකුට මරණ දඩුවම නියම වු විටක එවැන්නකුට ජනාධීපති සමාව ලබා දීමේදී කටයුතු කල යුතු සුවිශේෂී ක්‍රමවේදයක් දක්වයි. එය විශේෂයෙන් සදහන් කර ඇති කරුණකි. ඒ අනුව,

ජනාධිපතිවරයා විසින්,

  • ඒ නඩුව විභාග කල විනිශ්චයකාරවරයාගෙන් වාර්තාවක් ලබා ගැනීමට සැලැස්විය යුතුය.
  • ඒ වාර්තාව ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගත යුතුය.
  • නීතිපතිවරයාගේ උපදෙස් සමග එය අධිකරණ විෂයභාර අමාත්‍යවරයාට වෙත යොමු කල යුතු බව නියම කොට එය නීතිපතිවරයා වෙත යැවිය යුතුය.
  • ඉන්පසු අධිකරණ අමාත්‍යවරයා විසින් සිය නිර්දේශ සමග එම වාර්තාව ජනාධිපතිවරයා වෙත යොමු කල යුතුය.

මරණිය දණ්ඩනය ලැබූවකුට ජනාධිපති සමාවක් ලබා දීමේදී අනුගමනය කල යුතු ව්‍යවස්ථානුකූල ක්‍රමවේදය මෙයයි.

19වන සංශෝධනය සම්මත කරන තෙක් ජනාධිපතිවරයාට සම්පූර්ණ අධිකරණ මුක්තිය හිමි වූ අතර මූලික අයිතිවාසිකම් කඩවීමක් සම්බන්ධයෙන් හෝ ජනාධිපතිවරයාගේ ක්‍රියාවක් ප්‍රශ්න කිරීමේ නෛතික බාධාවක් පැවතුණි. එම නිසාම මෙම ජනාධිපති සමාව අත්තනෝමතික ලෙස විධායක ජනාධිපතිධූරය හඳුන්වා දුන් දින සිට සිදු වූ කරුණක්.

නමුත් 19 වන සංශෝධනය සම්මත වීමත් සමග ජනාධිපතිවරයාගේ ක්‍රියා මගින් මූලික අයිතිවාසිකමක් කඩ වන්නේ නම් එකී ක්‍රියාව අවලංගු කර ගැනීම සදහා ජනාධිපතිවරයාගේ ලේකම්වරයා වගඋත්තරකරු කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කිරීමට හැකියි. මෙම සංශෝධනය ආපසු හරවමින් 20 වන සංශෝධනය වත්මන් රජය සම්මත කලත් එකී සංශෝධන පනත් කෙටුම්පත පූරවයෙන් විමර්ශනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලේ ජනාධිපතිවරයා මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් වගකිව යුතු තත්වයකට පත් කිරීමේ යටකී ප්‍රතිපාදනය සංශෝධනය කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයක්ද අවශ්‍ය බවයි. ඒ අනුව ජනාධිපතිවරයා මූලික අයිතිවාසිකම් සුරැකීමේ සෘජු වගකීමට යටත් කල ප්‍රතිපාදනය අදටත් වලංගුය.

ඒඅනුව අපරාධ හා අනෙකුත් සිවිල් නඩු කටයුතුවලදී ජනාධිපතිවරයාට පූර්ණ මුක්තිය හිමි වුවත් මූලික අයිතිවාසිකම්හිදී එය එසේ නොවේ. ඒ අනුව ජනාධිපතිවරයා සෑම විටම නීතියට ඉහළින් සිටින්නේ නැත. ජනාධිපතිවරයා මූලික අයිතිවාසිකම්වලට යටත්ය. ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි නීතිය ඉදිරියේ සර්ව සාධාරණ හා සමාන රැකවරණය සියළු පුරවැසියන්ට හිමි වන අතර එය ලබා දීමට ජනාධිපතිවයා බැඳී සිටියි. එනම් ජනාධිපතිවරයාද කටයුතු කල යුත්තේ නීතියෙන් නියම කල ආකාරයට මිස විශේෂ පක්ෂපාතීත්වයක් හෝ විශේෂ සැලකිල්ලක් එක් අයකුට ලැබෙන නීතියෙන් නියම කරනු ලැබූ පටිපාටියට පිටින් නොවෙයි.

මේ වන විටත් රෝයල් පාක් නඩුවේ ඝාතකයන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ලබා දුන් ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින්ද, ඉහත කී සුනිල් රත්නායක හට ලබා දුන් ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින්ද මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වි ඇත්තේ ඒවා ඉහත කී නීතියේ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින් සිදු කර ඇති බවත් ඒ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාවෙන් හිමි වී ඇති අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට කරුණු දක්වමින්.

ජනාධිපතිවරයාද නීතියට අනුව කටයුතු කල යුතු බැවින් හා එක රටක් එක නීතියක් යන්න ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයේ තේමාවක් බඳු පාඨයක් බැවින්ද මෙම ජනාධිපති සමාව ලබා දුන්නේ නීතියේ නිසි ක්‍රියාදාමයටද යන්න ජනතාවට එළිදරව් කිරීම ජනාධිපතිවරයාගේ අත් හළ නොහැකි වගකීමකි.

නීතිඥ දුලාන් දසනායක

ඔබේ අදහස් යොමු කරන්න

dulandasanayaka@gmail.com

Whatsapp: 0779477525

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….