මිහින්තලය වැනසු මන්ත්‍රීවරයෙකු කිඹුල් කදුළු සලයි

වර්ථමානයේ රජයේ නිලධාරින්ට රජයේ අමාත්‍යවරුන්ට මඩ ගසමින් පසුගිය වසර 10-15ක් මුළුල්ලේ බොරළු කපමින් මිහින්තල ප්‍රදේශය වනසා දැමූ ආකාරය මිහින්තලය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු අමතකවි පරිසර විනාශයන් පිළිබදව කිඹුල් කදුළු සලමින් සිටිනා බව බොරුළු කැනීමේ නිරත ව්‍යාපාරිකයන් පිරිසක් පෙන්වා දුන්හ.

මිහින්තලය ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලය භූවිද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යංශය ඇතුළු රාජ්‍ය අංශ හයක නිසි අවසරය යටතේ බලපත්‍ර ලබාගෙන බොරළු කැනීම් සිදුකරනා ව්‍යාපාරිකයන්ගෙන් මන්ත්‍රීවරයා එක් බොරළු ටිපර් රථයකට රුපියල් තුන් සියයක කප්පමක් ඉල්ලනා බවත් එම මුදල ලබාදීමට අකමැතිවීම නිසා එක්වරම ඔහු පරිසර හිතකාමියෙකු බවට පත්වි ඇති බව ඔවුන් පැවසූහ.

මිහින්තලය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පළුගස්වැව රජයේ බොරුළු නිධියෙන් ව්‍යාපාරිකයන් හත් දෙනෙකු අවසර සහිතව බොරුළු කැපීම සිදුකරනා අතර වර්ථමාන ප්‍රාදේශිය ලේකම්වරයා පසුගිය සමයේ මහපරිමාන බොරළු ජාවාරම්කරුවෙකුවූ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයාට බොරළු කැපීම සදහා අවසර පත්‍ර ලබානොදිම නිසා උරණවි ව්‍යාපාරිකයන්ට හිරිහැර කරමින් සිටිනා බව ඔවුන් කීහ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු ව්‍යාපාරිකයන්.නීත්‍යාණුකූලව බලපත්‍ර අරගෙන තමයි බොරළු ඛණිජ කැනීම සිදුකරන්නේ.මේ සියළුම බොරළු ප්‍රවාහනය කරන්නේ රජයේ මාර්ග අළුත් වැඩියාවට ජල ව්‍යාපෘති වාරිමාර්ග ව්‍යාපෘති නිවාස ව්‍යාපෘති පෞද්ගලික වාණිජ කටයුතු වලට.අනුරාධපුර දිස්ත්‍රික්කයේ පරිසර හානී අවමව බොරළු කපන්න පුළුවන් මෙම ප්‍රදේශයේ විතරයි.

සංවර්ධන ව්‍යාපෘති වලට වෙනත් අවශ්‍යතාවලය අනුරාධපුර බොරුළු නිධිවලින් බොරළු කපන්න බැරි නම් බොරුළු ගේන්න ඕන වෙන රටකින්ද?ඔය මන්ත්‍රීවරයා පසුගිය වසර 10-15ක කාලයක්ම පළුගස්වැව රජයේ අවශේෂ කැලෑ සම්පූර්ණයෙන් විනාශ කරමින් බොරළු කපලා කපලා තවත් පරිසරය විනාශයෙන් විනාශයට පත්කරන්න බොරු පන්සලක් ඇටෙව්වා.

නමුත් මිහින්තලය නායක ස්වාමින්වහන්සේ අවසර නොදීම නිසා ඒක වැලකුනා.ගෙදර ආසන්නයෙන් බොරළු කපලා කපලා ඒ පැත්ත අගාධයක් කරලා අක්කර 15ක් විනාශ කරපු මිනිහා බොරළු කපලා පරිසර විනාශ වෙලා කියලා දැන් පරිසරය ගැන කිඹුල් කදුළු හලනවා.

අවශේෂ කැලෑ එක්ක පස් කදු බිමට පහත්කරේ කවුද කියලා අමතක වෙලා ඇති.එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දෙන්නෙකුත් අල්ලගෙන බොරළු කපන්න ඉඩම් දෙනවා කියලා දැන් රජයේ නිලධාරින්ට ඇමතිවරුන්ට මඩ ගහනවා.බොරුළු කපන්න ඉඩම් දෙන්නේ ප්‍රාදේශිය ලේකම්වරයා භූවිද්‍යා පතල් ඒකකය ඇතුළු ආයතන හයක් එක්ව.

ඒ කාලයේ එයාට හොරට බොරළු කපන්න දුන්නේ ඇමති කෙනෙක් වෙන්න ඇති.කැලෑ කපන හැටි කියලා දෙන හඩපටි අපි සතුව තියනවා.අර කැලෑව මෙතනින් පටන් අරගෙන කපන්න ගන්න මේ කැලෑව මෙතනින් පටන්ගන්න කිය කිය කැලෑ පාළුවා දැන් කියනවා පරිසරය විනාශ කරනවා කියලා.

මහ පරිමාණ පරිසර විනාශයක් සිදුවෙන බව පවසන පළුගස්වැව ප්‍රදේශයේ අරුණ පුවත් පත සිදුකළ සංචාරයකදි පරිසර හානි පිළිබදව කිඹුල් කදුළු හෙලනා මන්ත්‍රීවරයා විසින් පසුගිය සමයේ සිදුකර තිබෙනා දරුණු පරිසර හානිය දැක ගැනීමට හැකිවු අතර ඔහු අක්කර 15කට අධික භූමියක බලපත්‍ර සහිතව හා නොමැතිව මහපරිමාන බොරුළු කැපීමක් සිදුකර තිබෙනා අයුරු දැකගන්නට හැකිවිය.

මේ සම්බන්ධයෙන් මිහින්තලය ප්‍රාදේශිය මහ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඒ මහතා මෙසේ පැවසුවේය.මම විතරක් නෙමෙයිනේ බොරළු කපන්න අවසර දෙන්නේ රජයේ ආයතන හයක් එක්ක ඒක කරන්නේ.

පරිසර හානිය සිදුවුනේ කොයි කාලේද කියලා බලාගන්න පුළුවන් නිධියට ගියාම.මම මේ ප්‍රශ්නය දිසාපතිවරයටත් දන්වලා තාවකාලිකව බොරුළු කැපීම නැවත්තුවා.රජයේ කටයුතු වලට තමයි වැඩිම බොරළු කැපීමක් සිදුකරන්නේ.නිසි අවසරය අරගෙන තමයි ඒ පිරිස බොරළු කපන්නේ යනුවෙන් ඒ මහතා පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….