වර්ථමානයේ රජයේ නිලධාරින්ට රජයේ අමාත්‍යවරුන්ට මඩ ගසමින් පසුගිය වසර 10-15ක් මුළුල්ලේ බොරළු කපමින් මිහින්තල ප්‍රදේශය වනසා දැමූ ආකාරය මිහින්තලය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු අමතකවි පරිසර විනාශයන් පිළිබදව කිඹුල් කදුළු සලමින් සිටිනා බව බොරුළු කැනීමේ නිරත ව්‍යාපාරිකයන් පිරිසක් පෙන්වා දුන්හ.

මිහින්තලය ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලය භූවිද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යංශය ඇතුළු රාජ්‍ය අංශ හයක නිසි අවසරය යටතේ බලපත්‍ර ලබාගෙන බොරළු කැනීම් සිදුකරනා ව්‍යාපාරිකයන්ගෙන් මන්ත්‍රීවරයා එක් බොරළු ටිපර් රථයකට රුපියල් තුන් සියයක කප්පමක් ඉල්ලනා බවත් එම මුදල ලබාදීමට අකමැතිවීම නිසා එක්වරම ඔහු පරිසර හිතකාමියෙකු බවට පත්වි ඇති බව ඔවුන් පැවසූහ.

මිහින්තලය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පළුගස්වැව රජයේ බොරුළු නිධියෙන් ව්‍යාපාරිකයන් හත් දෙනෙකු අවසර සහිතව බොරුළු කැපීම සිදුකරනා අතර වර්ථමාන ප්‍රාදේශිය ලේකම්වරයා පසුගිය සමයේ මහපරිමාන බොරළු ජාවාරම්කරුවෙකුවූ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයාට බොරළු කැපීම සදහා අවසර පත්‍ර ලබානොදිම නිසා උරණවි ව්‍යාපාරිකයන්ට හිරිහැර කරමින් සිටිනා බව ඔවුන් කීහ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු ව්‍යාපාරිකයන්.නීත්‍යාණුකූලව බලපත්‍ර අරගෙන තමයි බොරළු ඛණිජ කැනීම සිදුකරන්නේ.මේ සියළුම බොරළු ප්‍රවාහනය කරන්නේ රජයේ මාර්ග අළුත් වැඩියාවට ජල ව්‍යාපෘති වාරිමාර්ග ව්‍යාපෘති නිවාස ව්‍යාපෘති පෞද්ගලික වාණිජ කටයුතු වලට.අනුරාධපුර දිස්ත්‍රික්කයේ පරිසර හානී අවමව බොරළු කපන්න පුළුවන් මෙම ප්‍රදේශයේ විතරයි.

සංවර්ධන ව්‍යාපෘති වලට වෙනත් අවශ්‍යතාවලය අනුරාධපුර බොරුළු නිධිවලින් බොරළු කපන්න බැරි නම් බොරුළු ගේන්න ඕන වෙන රටකින්ද?ඔය මන්ත්‍රීවරයා පසුගිය වසර 10-15ක කාලයක්ම පළුගස්වැව රජයේ අවශේෂ කැලෑ සම්පූර්ණයෙන් විනාශ කරමින් බොරළු කපලා කපලා තවත් පරිසරය විනාශයෙන් විනාශයට පත්කරන්න බොරු පන්සලක් ඇටෙව්වා.

නමුත් මිහින්තලය නායක ස්වාමින්වහන්සේ අවසර නොදීම නිසා ඒක වැලකුනා.ගෙදර ආසන්නයෙන් බොරළු කපලා කපලා ඒ පැත්ත අගාධයක් කරලා අක්කර 15ක් විනාශ කරපු මිනිහා බොරළු කපලා පරිසර විනාශ වෙලා කියලා දැන් පරිසරය ගැන කිඹුල් කදුළු හලනවා.

අවශේෂ කැලෑ එක්ක පස් කදු බිමට පහත්කරේ කවුද කියලා අමතක වෙලා ඇති.එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දෙන්නෙකුත් අල්ලගෙන බොරළු කපන්න ඉඩම් දෙනවා කියලා දැන් රජයේ නිලධාරින්ට ඇමතිවරුන්ට මඩ ගහනවා.බොරුළු කපන්න ඉඩම් දෙන්නේ ප්‍රාදේශිය ලේකම්වරයා භූවිද්‍යා පතල් ඒකකය ඇතුළු ආයතන හයක් එක්ව.

ඒ කාලයේ එයාට හොරට බොරළු කපන්න දුන්නේ ඇමති කෙනෙක් වෙන්න ඇති.කැලෑ කපන හැටි කියලා දෙන හඩපටි අපි සතුව තියනවා.අර කැලෑව මෙතනින් පටන් අරගෙන කපන්න ගන්න මේ කැලෑව මෙතනින් පටන්ගන්න කිය කිය කැලෑ පාළුවා දැන් කියනවා පරිසරය විනාශ කරනවා කියලා.

මහ පරිමාණ පරිසර විනාශයක් සිදුවෙන බව පවසන පළුගස්වැව ප්‍රදේශයේ අරුණ පුවත් පත සිදුකළ සංචාරයකදි පරිසර හානි පිළිබදව කිඹුල් කදුළු හෙලනා මන්ත්‍රීවරයා විසින් පසුගිය සමයේ සිදුකර තිබෙනා දරුණු පරිසර හානිය දැක ගැනීමට හැකිවු අතර ඔහු අක්කර 15කට අධික භූමියක බලපත්‍ර සහිතව හා නොමැතිව මහපරිමාන බොරුළු කැපීමක් සිදුකර තිබෙනා අයුරු දැකගන්නට හැකිවිය.

මේ සම්බන්ධයෙන් මිහින්තලය ප්‍රාදේශිය මහ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඒ මහතා මෙසේ පැවසුවේය.මම විතරක් නෙමෙයිනේ බොරළු කපන්න අවසර දෙන්නේ රජයේ ආයතන හයක් එක්ක ඒක කරන්නේ.

පරිසර හානිය සිදුවුනේ කොයි කාලේද කියලා බලාගන්න පුළුවන් නිධියට ගියාම.මම මේ ප්‍රශ්නය දිසාපතිවරයටත් දන්වලා තාවකාලිකව බොරුළු කැපීම නැවත්තුවා.රජයේ කටයුතු වලට තමයි වැඩිම බොරළු කැපීමක් සිදුකරන්නේ.නිසි අවසරය අරගෙන තමයි ඒ පිරිස බොරළු කපන්නේ යනුවෙන් ඒ මහතා පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

 

Similar Posts