වතුකරයේ සමහර කාන්තාවන් විදෙස් රටවල ගෘහසේවක රැකියා සදහා පිටව යාමත් සමග එම පවුල්වල දරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බව වතුකරයේම පිරිසක් පවසති.

මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම පිරිස් පවසනුයේ මේ වන විට වතු කම්කරුවන් පත්ව ඇති විවිධ ආර්ථික අපහසුකම් හේතුවෙන් වතු කරයේ සමහර කාන්තාවන් විදෙස් රටවල ගෘහ සේවක රැකියා සදහා පිටව යාමට පියවර ගෙන ඇති බවත්ය.

මෙම තත්වයන් මත වතුකරයේ වතුකරයේ වීශේෂයෙන් බාලවයස්කාර තරුණ කාන්තාවන්ට නිසි රැකවරනයක් නොමැති විමෙන් එම බාලවයස්කාර තරුණියන් විවිධ පුද්ගලයන්ගේ කෙළි භාන්ඩ බවට පත්ව එම පිරිස් විවිධ අතවරයන්ට ලක්වන බවද එම පිරිස් පවසති.

එම තරුණියන් තම පියාගෙන් නැතිනම් තම සහෝදරයන්ගෙන්ද විවිධ අතවරයන්ට ලක්වන අවස්ථා පවතින බවත් එවන් බොහෝ අවස්ථාවන් එලි නොවන බවත් එමෙන්ම සමහර කුඩා දරුවන් සිටින මවුවරුන්ද ව්‍යාජ තොරතුරු ලබාදි වීදෙස් ගත විමෙන් එම දරුවන් දැඩි මන්දපෝෂනයන්ට ලක්වන බවද එම පිරිස් පවසති.

වතු කම්කරුවන් මේ වන විට පත්ව ඇති දැඩි ආර්ථික අපහසුතාවයන්ගෙන් මිදිම සදහා වතු කරය තුල යම් ස්වයං රැකියා අවස්ථාවන් හෝ නිර්මාණය කිරිමට අදාල බලධාරින් කටයුතු කරන්නේ නම් වතුකරය තුල පවතින මෙවැනි ව්‍යසනවලින් වතු කම්කරු ජනතාව බේරා ගැනිමට හැකියාව පවතින බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

lanka news hot

Similar Posts