mask

කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීමට භාවිතා කරන මුව ආවරණ නිසි ලෙස බැහැර නොකිරීමෙන් කසළ කළමනාකරණ කටයුතුවල නියුතු සේවක පිරිස් බරපතල ගැටළුවකට මුහුණදී සිටින බව කළුතර දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන නියෝජිතයින් කියති.

භාවිතයෙන් ඉවත් කරක මුව අාවරණ ඉතා ආරක්ෂාකාරීව බැහැර කළයුතු වුවත් නිවෙස්වලින් බැහැර කරන සාමාන්‍ය කසළ බඳුන් තුළම දමා කසළ රැගෙන යන ට්‍රැක්ටර් රථ වලට දෙන බව කසල එකතු කරන කම්කරුවන් කියති. ඇතැම් ප්‍රදේශවල මහ මග ,මංමාවත්වල තැන තැන මුව අාවරණ දමා ඇති අයුරුද දැක ගතහැකිය. මේ තතවය තමන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් යැයි කසළ එක්රැස් කරන කම්කරුවන් කියති.

මතුගම,වලල්ලාවිට,දොඩන්ගොඩ සහ කළුතර ආදී ප්‍රදේශ කීපයකම මහා මාර්ගය දෙපස කසළ මලු වල සහ ඇතැම් මාර්ගවල තැන තැන භාවිතයෙන් ඉවත් කළ මුව අාවරණ දමා තිබෙන අයුරු දැක ගතහැකි විය.

භාවිතයෙන් ඉවත් කරන මුව අාවරණ සබන් හෝ රසායනික ද්‍රව්‍ය යොදා පිරිසිදු කර වෙනම ආරක්ෂිත බෑගයක බහා කසළ එක්රැස් කරන ආයතන හෝ සේවකයින්වෙත ලබාදිය යුතු වුවත් එය නිසි ලෙස සිදු නොවන බව කළුතර දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන කීපයකම කසළ කළමණකරණ කටයුතුවල නියුතු සේවකයින් කියති.

විශේෂයෙන්ම ප්‍රමිතියෙන් තොර මුව ආවරණ සෑම වෙළදසලකම, මිළදී ගැනීමට තිබෙන අතර රුපියල් විස්ස සිට ඉහළ මිළ ගණන්වලට විකීණිමට තිබේ. මෙිවා ප්‍රමිතියෙන් තොර වීම නිසා විෂ බීජ බාහිර සමාජයට පැතිර යාමද සිදුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් කියති.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

Similar Posts