මේ වන විට වතුකරයේ සමහර වතුවල සමහර වතු අධිකාරිවරුන් වතු කම්කරුවන්ට විවිධ හිරි හැර කිරිමත් සමග එම වතු කම්කරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ජාතික කම්කරු සංගමයේ පරිපාල නිලධාරි හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපතිවරයක් වන අලගමුත්තු නන්දකුමාර් මහතා පවසයි.

ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මේ බව පැවසු අලගමුත්තු නන්දකුමාර් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.

මේ වන විට වතු කම්කරුවන් මේ රටට පැමින වසර 200ක් වන බව පවසනවා එත් අදටත් සමහර වතුවල සමහර වතු අධිකාරිවරුන් සමහර උප වතු අධිකාරිවරුන් හිතා ඉන්නේ මේ වතු කම්කරුවන් වහලුන් ලෙසයි.

මේ වන විට සමහර වතුවල තේ දළු නිසි ලෙස නොමැති වුවත් දිනකට තේ දළු ක්‍රිලෝ 18ක් කඩන ලෙස පවසනවා එත් නිසි ලෙස දළු නොමැතිවිමෙන් මේ වතු කම්කරුවන්ට තේ දළු ක්‍රිලෝ 18ක් කැඩිමට බැරි වුනෝත් එම කම්කරුවාට ලැබෙන්නේ දින භාගයක වැටුපයි මෙම තත්වයන් මත මේ වතු කම්කරුවන් දැඩි ලෙස ආර්ථික ප්‍රශ්නවට මුහුණ දෙනවා.

එමෙන්ම වතුකරයේ සමහර කම්කරුවන් තම ලයින් කාමරය අසල හෝ තම නිවස අසල යම් අකාරයකින් එලවළු වගාවක් හෝ කුකුල් කොටුවක් ඉදි කර ගත් විට සමහර වතු අධිකාරිවරුන් සමහර උප වතු අධිකාරිවරුන් එම අයට එරෙහිව විවිධ ක්‍රියාකරකම් සිදු කිරිමත් සමග එම පිරිස් දැඩි අපහසුතාවයන්ට පත් වෙනවා.

මේ වන විට වතුකරයේ සේවය සදහා ඉන්නේ වතු කම්කරුවන් එක්ලක්ෂ පනස් දාහාක් හෝ එක් ලක්ෂ හැට දාහාක ප්‍රමානයක් මෙම තත්වයන් මත වතුකරයේ සේවක හිගයක් පවතිනවා මෙම තත්වයන් වටහාගත් නසමහ වතු අධිකාරිවරුන් මෙන්ම උප වතු අධිකාරිවරුන් මල නොතලා රොන් ගන්නාසේ වතු කම්කරුවන්ගේ සිත් නොතලා ඔවුන්ගේ සේවය ලබා ගැනිමට කටයුතු කිරිම පිලිබදව එම පිරිස් අගය කල යුතුයි.

එමෙන්ම මේ වන විට සමහර වතුවල වතු කම්කරුවන් වෙනත් වතුවල සේවය සදහා ලොරි රථවල පටවාගෙන යාමත් සමග එම වතු කම්කරුන් දැඩි දුෂ්කරතාවයන්ට පත් වෙනවා මෙම තත්වයන් පිලිබදව දැඩි අවදානයක්ද යොමු කල යුතුයි.

වසර 200ක කාලයක් පුරාවට මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන මේ වතු කම්කරුවන්ට මෙවන් තුන්වන පංතියේ ක්‍රියාකාරකම් කරන්නේ කුමන පදනමක් මතද යන්න ප්‍රශ්නයක්.

මේ සමහර වතු කම්කරුවන්ගේ දරුවන් අදවන විට මේ රටේ විවිධ තනතුරුවලට පත්ව ඉන්නවා එම තත්වයන් මත මේ වතු කම්කරුවන් තව දුරටත් මෙයට වසර 200කට පෙර පැමිනි වතු කම්කරුවන් මෙන් වහලුන් නොවන බව මේ සමහර වතු අධිකාරිවරුන් මෙන්ම සමහර උප වතු අධිකාරිවරුන්ද සිහි තබාගත යුතුයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts