borella-whit-ground

කොළඹ වයිට් පිටිය එදා මෙදා තුර කොළඹ වාමාංශික දේශපාලන ක්‍රියාකාරීන් අතර ඉතා වැදගත් ස්ථානයක් වී තිබුණු නමුත් කොළඹ මරදානේ පිහිට ඇති මෙම ක්‍රීඩා පිටිය අද ඉබාගාතේ යන ස්ථානයක් බවට පත්වී තිබේ.

කොළඹ නගර සභාව යටතේ ඇති මෙම ක්‍රීඩා පිටිය ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ සිට එන ඈත අතීතයක් ඇති නමුත් මේ වන විට මෙම ක්‍රීඩා පිටියට අයත්ව ඇත්තේ කණගාටුදායක තත්ත්වයකි.කොළඹ මරදාන ප්‍රදේශයේ පිහිටා ඇති රජයේ ප්‍රධාන පාසල් ගණනාවකම දරු දැරියන් ක්‍රීඩා පුහුණු කටයුතු සිදුකරන්නේ මෙම ක්‍රීඩා පිටියෙනි.

වසරකට වැඩි කාලයක සිට මෙම ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීමට මුදල් වෙන්කර ඇතත් කොළඹ නගර සභාව විසින් එය අතරමඟ නවතා දමා තිබේ .ක්‍රීඩා පුහුණු කටයුතු සඳහා මෙම ක්‍රීඩා පිටියට එන පාසල් දරුවන්ට බීමට වතුර ටිකක් වත් ලබාගැනීමට පහසුකම් නැති කිරීමට තරම් කොළඹ නගර සභාව ගෙන ඇති ක්‍රියාදාමය ඉතා කණගාටු දායකය.

වැසිකිළි පහසුකම් නොමැත.ජනතාවට සේවය කිරීම වෙනුවට ජනතා බදු මුදල් මෙවන් දෙයකට නොයොදවා නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන්ගේ සහ කොළඹ නගර සභාවේ සුඛ විහරණය වෙනුවෙන් යෙදවීම පිළිබඳ කොළඹ ජනතාව තම අප්‍රසාදය පළ කරති.ප්‍රදේශයේ ජනතාවගේ සහ දූ දරුවන්ගේ යහපත වෙනුවෙන් කොළඹ වයිට් පිටිය සකසා දෙන ලෙස බලධාරීන්ට මතක් කර දීම කාලයේ අවශ්‍යතාවකි.

බන්දුල අලහකෝන් – බොරැල්ල විශේෂ

dinamina

Similar Posts