නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින්ට සමබර ආහාර වේලක් ලබා ගැනිමට අවස්ථාව උදා කරමින් අපෙන් අපට එළවලු වැඩ සටහනේ තවත් අධියරක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විනි.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ උපදෙස් මත ආරම්භ කර ඇති මෙම වැඩ සටහන යටතේ එම කාර්යාලයේ නිලධාරින් විසින් තමන්ට ලබා දිය හැකි එළවලු හා පලතුරු සහන මිලට ලබා දෙන අතර එම එළවලු හා පලතුරු අවශ්‍ය නිලධාරින් මුදල් ගෙවා එම එළවලු හා පලතුරු ලබා ගැනිම සිදු කරනු ඇත.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩ සටහන පැවති අතර මෙම අවස්ථාවට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් සුජිවා බෝධිමාන්න මහත්මිය ඇතුළු පිරිසක්ද එක්ව සිටින ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts