ධීවරයන් සතු ලෙල්ලම පවරා ගැනීමට උත්සාහයක් – ප්‍රසංග ප්‍රනාන්දු

dailyreporter

කතෝලික ආගමේ ආරම්භයේ සිටම ධීවරයන් සමග ඇත්තේ ආත්මීය බැඳීමකි.

ජේසුස් වහන්සේ තම ගෝලයන් ලෙස ද තෝරා ගත්තේ ධීවරයෙන් දොළොස් දෙනෙකි.

මීගමුව පිටිපන ධීවරයන් පිරිසක් ඊයේ (පෙබරවාරි 19 වැනිදා) කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත වුයේ කතෝලික සභාව තමන් රැකියාව කරනු ලබන ලෙල්ලම පවරා ගැනීමට උත්සාහ දරන බවට චෝදනා කරමින් ය.

ධීවරයින් පිරිස විසින් ශූද්ධෝත්ම පාප් තුමන්ගේ කොළඹ සිටින නියෝජිත හිමියන්ට ද තම ගැටලු ඇතුළත් සංදේශයක් භාර දෙන ලදි.

ඉන් අනතුරුව කොළඹ අගරදගුරු නිවාස බලා ගිය ඔවූහූ, ධීවර ලෙල්ලමේ අයිතිය තමන්ට දෙන ලෙස ඉල්ලමින් විරෝධතාවයක නිරත වූහ.

මේ ආරවුල කුමක් ද?

2008 වසරේ දී එවකට කොළඹ අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපානන් විසින් පිටිපන එක්සත් ධීවර සමිතියට එරෙහිව නඩු පවරා ඇත්තේ ලෙල්ලම ලබා දීමේ දී පනවා ඇති කොන්දේසි කඩ කළ බවට චෝදනා කරමිනි.

අදාළ ඉඩම කොළඹ අගරදගුරු හිමියන්ට අයත් බවට නියෝගයක් ලබා දෙන ලෙසත් එසේ නියෝගය ලබා දෙන තුරු තම නියෝජිතයෙකු ලෙල්ලමේ පරිපාලනයට හා භාරකාරීත්වයට පත් කරන ලෙසත් කොළඹ එවකට සිටි අගරදගුරු හිමිපානන් පෙත්සමෙන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීමට අනුව පෙබරවාරි 02 වැනිදා මීගමුව දිසා අධිකරණය විසින් අතුරු නියෝගයක් ලබා දෙමින් ලේලලමේ පරිපාලනයට සහ කළමනාකාරිත්වයට නියෝජිතයෙකු පත් කරන ලෙස නියෝග කර ඇති අතර එසේ පත්කරන ලද භාරකරුට එම දේපළට අදාළ ගිණුම් සහ අත ඉතිරි සියලු මුදල් ද භාර දෙන ලෙසටත් නියෝග කර තිබුණි.

ධීවර ජනතා වෘත්තිය සංගමයේ ජාතික සංවිධායක ප්‍රසංග ප්‍රනාන්දු චෝදනා කරන්නේ මුදල් අර්බුදයක සිටින කතෝලික සභාව ධීවරයන් සතු ලෙල්ලම පවරා ගැනීමට උත්සාහ දරන බවට ය.

“පැහැදිලිව තමුන්ගේ බැටළුවන් රැවැට්ටුවා. සින්නක්කර අපේ මුදල්වලින් ගන්න ආපු භාණ්ඩයක් ඒක අපිට සින්නක්කරව ලියලා දෙන්න ඕනේ. සින්නක්කරව ලියලා දුන්නේ නැත්තේ ඒගොල්ලන්ගේ හොරකමක්, වංචාවක් තිබ්බ නිසා. දිර්ඝ අරමුණක් ඔලුවේ තියාගෙන තමයි ඕක තෑගි ඔප්පුවක් විදියට ලියලා දුන්නේ සහ ඒකට කන්ඩිෂන් දැම්මේ.” යැයි ඔහු කියා සිටියේය.

කොළඹ අගරදගරු මැදුර මොකද කියන්නේ ?

නිවේදනයක් නිකුත් කරමින් කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සඳහන් කර සිටියේ ඊයේ දින විරෝධතාවට සහභාගි වූ ඇතමුන් පිටිපන ලෙල්ලම පිළිබඳව අසත්‍ය පවසමින් ධීවර ප්‍රජාව සහ මහජනතාව මුළා කිරීමට උත්සාහ කළ බව දුටු බව ය.

එම නිවේදනයේ දැක්වෙන්නේ මීගමුව පිටිපන ලෙල්ලමේ මුල් අයිතිය හිමිව තිබුණේ කොළඹ අගරදගුරු හිමිපාණන්ට බව ය. 1963 දී එවකට කොළඹ අගරදගුරු අති උතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් විසින් තෑගි ඔප්පුවක් මගින් කොන්දේසි කිහිපයක් ඉටු කිරීමේ එකඟතාවයට යටත්ව එම ලෙල්ලම මීගමුව පිටිපන මිසමෙහි එක්සත් ධීවර සමිතිය වෙත පවරා දී තිබේ.
එහෙත් පසුකාලීනව පත් වූ එම එක්සත් ධීවර සමිතියේ නිලධාරීන් විසින් අදාළ තෑගි ඔප්පුවේ සඳහන් කොන්දේසි උල්ලංඝණය කරමින් කොළඹ අගරදගුරු හිමිපාණන්ගේ පූර්ව අවසරයකින් තොරව එම දේපළේ කොටසක් සහ කඩ කාමර වෙනත් පිරිස් වෙත බදු දෙමින් ද එම දේපොළේ ආදායමෙන් කොටසක් පිටිපන මීසමේ ජීවත් වන ධීවර ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් වැය කිරීම සඳහා පිටිපන දේවස්ථානයට දිය යුතු බවට වූ කොන්දේසිය උල්ලංඝණය කරමින් එම ආදායම දිගින් දිගටම තනිව භුක්ති විදිමින් ඇතැයි අදාළ නිවේදනයේ දැක්වෙයි.
මෙම නඩුව තවමත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින අතර දිර්ඝ සාක්ෂි විභාගයකින් අනතුරුව මීගමුව දිසා අධිකරණය අදාළ අතුරු නියෝගය නිකුත් කර තිබුණි.

මීගමුව, පිටිපන ධීවර ලෙල්ලම එම ප්‍රදේශයේ ධීවර රැකියාවේ නිරත සිය ගණනක් වු ධීවර ප්‍රජාව තම මත්ස්‍ය අස්වැන්න අලෙවි කරගන්න ප්‍රධානතම ස්ථානයකි.

දිවා/ රාත්‍රි දෙකෙහිම මාළු වෙළඳාම් කරනු ලබන ලෙල්ලමක් ලෙස පිටිපන ධීවර ලෙල්ලමද ප්‍රසිද්ධියක් ද උසුලයි.

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….