වසංගත දෙකකට මැදි වූ ශ්‍රී ලංකාව

corona

කොරොනා වසංගතය මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඉතා සීග්‍රයෙන් පැතිරෙමින් තිබේ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, විෂේශඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ඇතුළු වෛද්‍ය සංගම් ද, හෙද නිළධාරීන්ගේ සංගම් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය අංශයේ විවිධ වෘත්තිකයින්ගේ සංගම් ඒක හඩින් පවසන්නේ මේ තත්ත්වය තව දුරටත් පැවතුනහොත් ඉදිරි දින කිහිපය තුළ දී ශ්‍රී ලංකාව විශාලා මහනුවරක් විය හැකි බවයි. ඒ නිසා මේ සියළු දෙනා ඒකහඩින් පවසන්නේ මෙම තත්ත්වය යම් දුරකට හෝ පාලනය කිරීම සදහා රට වසා දැමීම හෝ දැඩි සංචරණ සීමා දැමීම වහාම කළ යුතු බවයි.

පසුගිය සති දෙක තුන තුළ දී පමණක් මෙම ඩෙල්ටා නැමති ප්‍රබේදය සහිත රෝගින් ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම වාර්තා විය. ඒමෙන්ම, මෙම නව ප්‍රබේදය වැලදීම නිසා රෝගීන් විශාල ප්‍රමාණයක් මේ වන විට මිය ගොස් ඇති බවද වාර්තා විය. ඒ සමගම මෙම වසංගතයෙන් ශ්‍රී ලංකාව තුළ මිය ගිය සම්පුර්ණ රෝගීන් ප්‍රමාණයෙන් 1/5ක ප්‍රමාණයක් පසුගිය සතිය තුළ පමණක් මිය ගොස් ඇති බවද වාර්තා විය.

මේ අතර, රෝහල්, අතර මැදි ප්‍රථිකාර මධ්‍යස්ථාන, නිරෝධායන මධ්‍යස්ථාන මේ වන විට පිරී ඉතිරි ගොස් තිබේ. වෙද හා හෙද කාර්යමණ්ඩල, අනෙකුත් රෝහල් කාර්ය මණ්ඩල මෙන්ම, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දාරිතාවය ද මේ වන විට උපරිමයට පැමිණ තිබේ. ඒමෙන්ම, වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඉහල දාරිතාවයකින් මෙම වසංතයත් සමග පොර බැදීම නිසා වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය මේ වන විට හෙම්බත්ව ඇති බව ඔවුන් විසින් සිදු කරනු ලබන විවිධ ප්‍රකාශයන් තුළින් පැහැදිලි වේ.

මේ සියළුම තත්ත්වයන් ට මුහුණ දීමට දැනට ඇති ඒක් පිළියමක් ලෙස මේ සියලුම පාර්ෂවයන් ඒක හඩින් පවසන්නේ රජය විසින් වහාම රට අගුළු දැමීමකට හෝ දැඩි සංචරන සීමා පැණවීමක් සිදු කොට මෙම වසංගතය තව දුරටත් පැතිරීම පාලන කිරීමට කටයුතු කළ යුතු බවයි. විපක්ෂය, අනෙකුත් වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන ද ඒක හෙලා මේ අදහස රජය වෙත ඉදිරිපත් කරයි. මේ වන විට ආණ්ඩු පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් මෙන්ම, සමහර මැති ඇමතිවරුන්ගෙන් ද ඒ හා සමාන අදහස් ඉදිරිපත් කරයි. මේ අතර, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය ද පසුගිය කැබිනට් මණ්ඩලයේ දී සංචරණ සීමා පැණවීමක් පිළිබදව අදහසක් ඉදිරිපත් කිරීමට ගොස් ඒය ජනාධිපතිවරයා විසින් වැලකූ බව ද වාර්තා විය.

රජය ඒ සදහා පියවර නොගන්නා නිසා චන්න ජයසුමන, සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු මැති ඇමතිවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉදිරි සති කිහිපය තුළ ස්වයං වාරණයක් තුළ කටයුතු කරන ලෙසයි. අත්‍යවශ්‍යම කාරනාවක් හැරුණු කොට නිවසින් පිටතට නොයන ලෙස ඔවුන් ඉතා බැගෑපත්ව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

රට වසා දැමිම හෝ දැඩි සංචරණ සීමා පැනවිය යුතු බව මේ සියළුම සෞඛ්‍ය අංශ, මැති ඇම තිවරු, විපක්ෂය හා වෘත්තීය සංගම් ඇතුළු සියළු දෙනා ඒක හඩින් කියා සිටිය දී ජනාධිපතිවරයා පුමුඛ කෝවිඩ් මර්ධන කාර්ය සාධක බලකාය ඒසේ නොකර සිටින්නේ ඇයි ද යන්න අපි ගැඹුරින් සලකා බැලිය යුතුය.

මේ සම්බන්ධව වැඩි දෙනෙකු ප්‍රකාශ කරන්නේ වත්මන් ජනාධිපතිවරයා අන්මත වලට ඇහුම්කන් නොදෙන දැඩි මතවල ඒලඹී සිටින පුද්ගලයෙකු බවයි. ඒහි සත්‍යයක් තිබෙන්නට ද පුළුවන. පසුගිය යුධ සමයේ දී පවා ඔහු දැඩි තීරණ ගත් බවත්, ඒවකට සිටි ජනාධිපති අයියාටවත් ඔහු ගත් සමහර තීරණ වෙනස් කිරීමට නොහැකි වූ බවත් වාර්තා විය. කිසිදු කොන්දේසියකට යටත් නොවී යුද්ධය කෙසේ හෝ අවසන් කිරීම ඔහුගේ ඒකම අධිෂ්ඨාණය වූ බවත් පැවසේ.

ජනාධිපතිවරයාගේ වත්මන් ක්‍රියාකාරීත්වය සම්බන්ධව බොහෝ අය පවසන්නේ යුද්ධ කාලයේ දී ඔහු කටයුතු කළ අයුරින්ම, මෙම වසංගතය පාලනය කිරීම සදහා ද කටයුතු කරමින් සිටිනා බවය.

නමුත්, මේ කෝවිඩ් අවධානම අස්සේ අප මුහුණ දෙන ඒහා සමාන හෝ සමහර විට ඊටත් වඩා වැඩි අවධානමක් සහිත තවත් ගැටළුවක් තිබේ. ඒ අප මුහුණ දෙන දැඩි ආර්ථික අර්බුදයයි. කෝවිඩ් වගේම ආර්ථික අර්බුදයද මේ වන විට වසංගත තත්ත්වයට වර්ධනය වී තිබේ. මේ සම්බන්ධව බොහෝ අය ඒතරම් අවධානයක් යොමු නොකරන අතර, ඒය අපට අදාල නොවන ප්‍රශ්ණයක් ලෙස ද සලකයි.

අද වන විට මෙම ආර්ථික ගැටළුවේ හි ඇති සත්‍ය ගැඹුර දන්නේ ජනාධිපතිවරයා ඇතුළු ඔහු සමග කටයුතු කරනු ලබන කණ්ඩායමක් පමණි. පසුගියදා මේ තාක් රට නොවසා සිටීම පිළිබදව බන්දුල ගුණවර්ධන ඇමතිවරයාගෙන් මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු ප්‍රකාශ කර සිටියේ, මෙසේ දිගින් දිගටම රට වැසුවොත්, කොරෝනා ආසාධිත අසාධ්‍ය රෝගියා රෝහල් ගත කිරීමට යන ගිලන් රථයට තෙල් ගැසීමට පවා නොහැකි තත්ත්වයක් ඉන් නිර්මාණය වනු ඇති බවයි.

බන්දුල ගුණවර්ධන කළ ඒම ප්‍රකාශයේ අප අද දවසේ මග හරින කෝවිඩ් වසංගත තත්ත්වයටත් බඩා ගැඹුරු හා බරෑරුම් ප්‍රශ්ණය ගැබ්ව තිබේ. වෙනත් රටවල් කෝවිඩ් වසංගතය හේතුවෙන් අගුළු දැමු විට පසුව ඒම අගුල නැවත ඇර ගැනීමට හැකියාවක් හා ශක්තියක් ඒම රටවලට පැවතුණි. නමුත් වත්මන් තත්ත්වය තුළ අපි රට අගුල් දැමුව හොත් ඒම අගුල නැවත ඇරගැනීමට හැකියාව තිබේ ද යන්න පිළිබදව අපි ගැඹුරින් සලකා බැලිය යුතුය.

පක්ෂ, විපක්ෂ හා මධ්‍යස්ථ සියළුම දෙනා අද මේ ගැටළුව ගැන අගතීන්ගෙන් තොරව සාකච්ඡා කළ යුතුය. කෝවිඩ් වසංගතයත්, ඒ හා සමාන හෝ සමහර විට ඊටත් වඩා බැරෑරුම් ප්‍රශ්ණයක් ලෙස ඇති මෙම ආර්ථික අර්බුදයටත් ඉතා අපහසු වුවත් අප ඒක විට පිළිතුරු සෙවිය යුතුය. අප කොතරම් දක්ෂ ලෙස කටයුතු කළත් අවම වශයෙන් මෙම වසංගතය තවත් අවුරුදු දෙකක් වත් පවතින ඇති බව පැවසේ.

මෙම ආර්ථික අර්බුධයේ ප්‍රතිඵලයක් ලෙස දැනටමත්, කිරි පිටි, ගෑස්, සමහර ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකට හිගයක් පවතී. ඒමෙන්ම, ඉන්ධන, ඖෂධ වැනි භාණ්ඩ හැර අන් සියලු භාණ්ඩ ආනයනයන් රජය විසින් දැනටමත් සම්පුර්ණයෙන් තහනම් කර තිබේ. ඒසේ කර තිබියදීත් පසුගිය ණය වාරිකය ගෙවීම සදහා අසල්වැසි රටවලින් හදිසි ණය මුදල් ලබා ගැනීමට සිදු වූ බව ද වාර්තා විය.

මේ තත්ත්වය සත්‍යයක් නම්, කෝවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීම වගේම, අප මුහුණ දී සිටින දරුනු ආර්ථික වසංගතයට මුහුණ දිය හැකි ආකාරය පිළිබදව ද සාකච්චා කළ යුතුය. නමුත් මේ මේ කාරණා දෙකම පිළිබදව නිවැරදි තොරතුරැ දත්ත හා පවතින තත්ත්වය පිළිබදව සත්‍ය රටට හෙලි කළ යුතුය. මේ සම්බන්ධව සත්‍ය තොරතුරු වසන් කිරීමෙන් සිදු වන හානිය වසංගතයෙන් සිදුවන හානියට වඩා විශාලය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….