මෘත ශරීරවලින් කොම්පෝස්ට් පොහොර සෑදීම සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්ත බලධාරීන් අනුමැතිය ලබා දී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ අනුව මරණයෙන් පසු මෘත දේහ කොම්පෝස්ට් පොහොර බවට පත් කිරීමට නිව්යෝර්ක් වැසියන්ට අවස්ථාව හිමිවන බවයි.
මෙය භූමදානය හෝ ආදාහනය කිරීමට වඩා පරිසර හිතකාමී බව පරිසරවේදීහු පවසති.