ලොව සුපිරි බලවතුන් දෙදෙනා අතර විශේෂිත හමුවක්

dailyreporter.lk

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කැලි‍ෆෝනියාවේදී චීන ජනාධිපති ෂී ජිං පින් හමුවී තිබේ.

සුපිරි බලවතුන් දෙදෙනා අතර මේ හමුව පැවැත්වුණේ වසරකට පමණ පසුව වීම විශේෂත්වයකි.

එම හමුවේදී ලෝක යුද ගැටුම්, ආර්ථික උච්ඡාවචනයන්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළු නූතන අර්බුද පිළිබඳව නායකයින් දෙදෙනාගේ අවධානය යොමු වූ බව සඳහන් ය.

එම පැතිකඩයන් සම්බන්ධයෙන් දෙරට අතර තිබූ මතගැටුම් ලිහිල් කිරීමට මෙම සාකච්ඡාව ඉවහල් වූ බව ලෝක දේශපාලන විශ්ලේෂකයෝ ප්‍රකාශ කළහ.

Related posts