kabul

බ‍්‍රහස්පතින්දා පස්වරුවේ කාබුල්නුවර හමීඞ් කාර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඇබේ දොරටුව අසළ පුපුරා ගිය මරාගෙන මැරෙන ප‍්‍රහාරය නිසා පුද්ගලයන් 170 ක් මරුමුවට පත්විය.

ඇමෙරිකාව ඩ්‍රෝන ප‍්‍රහාරයක් එල්ල කළ  ප‍්‍රහාරයෙන් තලේබාන් සාමාජිකයන් 28 දෙනකුද මරණයට පත්ව තිබේ. තලේබාන් නායකයෙක් රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ ඇමෙරිකාවට වඩා හානියක් තම සංවිධානයට මේ ප‍්‍රහාරය නිසා සිදුවූ බවයි.

ටි‍්‍රලියන දෙකක් වියදම් කර කාබුල් නුවර අතහැර යෑමට සූදානම් වූ ඇමෙරිකාවට යළිත් වරක් අයිසිස් බෝම්බය හමුවේ තම මැරීන් සෙබළු 13 දෙනකු කෑලි කෑලිවලට කැඞී මිය යනවා දකින්නට සිදුවිය. මියගිය එක් මැරීන් සෙබළකුගේ පියා පවසා තිබුණේ තම දරුවාගේ මරණයට කෙළින්ම බයිඩන් ජනාධිපතිවරයා වගකිවයුතු බවයි.

දැන් තලේබාන් නායකයෝ ප‍්‍රසිද්ධියේ ඉන්දියාවට අනතුරු අඟවන්නේ තමන්ගේ කටයුතුවලට බාධා පැමිණවීමට උත්සාහ නොකරන ලෙසය. කෝරසාන් කල්ලිය හිස එසවීම ඇමෙරිකාවට මෙන්ම ඉන්දියාවටද ප‍්‍රශ්නයකි.

මේ නිසා අද කාබුල් අර්බුදය කලාපයටම හිසරදයක් වී ඇත.

 

Similar Posts