Similar Posts
තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 33,000 ඉක්මවයි
තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය සිදුවී මේ වනවිට (13) දින හතක් ගතව තිබෙනවා. කෙසේ වෙතත් තවදුරටත් ගළවා ගැනීමේ මෙහෙයුම් අවසන් කර නැහැ. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මේ වනවිට මියගිය සංඛ්‍යාව 33,000 ඉක්මවා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය අවසන් වරට නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ එම සංඛ්‍යාව 50,000 ඉක්මවනු ඇති බවටයි.
කොවිඩ් නයින්ටීන් යූරෝපයට – ඉතාලියෙන් ආසාදිතයින් 150 ක්
කොවිඩ් නයින්ටීන් වෛරසය ඉතාලියේ වාර්ෂිකව පැවැත්වෙන සුප්‍රකට වැනිස් සැණකෙළිය අතරමග නවතා දැමිමට සමත්ව ඇත. ඒ යුරෝපයේ වෛරස ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන රට බවට පත්වෙමින් ඉතාලියෙන් ආසාදිතයින් 150කට අධික සංඛ්‍යාවක් වාර්තා වී මරණ තුනක් සිදුව තිබිම හේතුවෙන්. අද වන විට සිදුව ඇති පුද්ගල මරණ 2467ක් සිදුව ඇත.
ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 8 ඉක්මවයි
ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන කෝටි අට ඉක්මවා ඇත. නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් එක්සත් රාජධානියේ වේගයෙන් ව්‍යාප්තවීම නිසා ලබන සඳුදා සිට එක්සත් රාජධානියෙන් සිය රටට පැමිණෙන සියලු මගීන්ට කොවිඩ් නොමැති බවට තහවුරු කිරීමේ සහතිකයක් ඉදිරිපත්කරන ලෙස අමෙරිකාව නිවේදනය කර තිබේ. රටවල් පනහකට ආසන්න සංඛ්‍යාවක් එක්සත් රාජධානිය සමඟ ගුවන් ගමන් අත්හිටුවා ඇත. අමෙරිකාවෙන් ආසාදිතයින් එක්කෝටි අනූ දෙලක්ෂ…
මහාමාරිය රෝගියෙකු නිසා තුන්වන මට්ටමේ අනතුරු ඇඟවීමක්
චීනයේ අභ්‍යන්තර මොංගෝලියා කලාපයෙන් මහාමාරිය රෝගියෙකු වාර්තා වී ඇත. ඔහු නිරෝධායනය සඳහා යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. මහාමාරිය ආසාදිතයා හමු වීමත් සමඟම තුන්වන මට්ටමේ අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. ඔහුට බැක්ටීරියාව ආසාදනය වූ ආකාරය මෙතෙක් තහවුරු වී නැහැ. නවීන ලෝකයේ ජීව අවියක් ලෙසද මෙම බැක්ටීරියාව යොදා ගන්නා බවයි වාර්තා වෙයි.
ඉන්දියාවේ කොවිඩ් රැල්ල දරුණුම තැනට
ඉන්දියාවේ කොරෝනා වසංගතය ඉතාම උච්ඡ තත්ත්වයට පත් වී ඇතැයි වාර්තා වේ. ප්‍රධාන වශයෙන්ම එරට රෝහල්වල දැඩිසත්කාර ඒකකවල ඇඳන් ප්‍රමාණය ඉක්මවා රෝගීන් වාර්තා වීමත්, ඔක්සිජන් හිඟයත් ඇති බවත් රෝහල්වලට ඇතුළු වීමටත් පෙර රෝගීන් මිය යන ශෝචනීය පුවත් දසතින් වාර්තා වේ. නවදිල්ලියේ සහ මහා රාෂ්ට්‍රයේ වෛද්‍ය සේවා හිඟය දැඩිවම බලපා ඇත. ගෙවුණු පැය 24 ඇතුළත වාර්තාගත අයුරින්…
සෝනියා ඉන්දීය කොංග්රස් නායකත්වයට සමුදීමට සුදානමක්
කොංග්රස් පක්ෂයේ අන්තර්වාර සභාපතිධූරයේ තවදුරටත් ක්‍රියාකිරීමට තමා අකමැති බව සෝනියා ගාන්ධි සිය සහායකයින්ට පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. වසර 134ක් පමණ පැරණි ඉන්දීය කොංග්‍රසයේ වැඩිකාලයක් නායකත්වය දරා ඇත්තේ ගාන්ධි පරපුරේ සාමාජිකයින් විසිනි. 73-හැවිරිදි සෝනියා පක්ෂ නායකත්වයෙන් ඉක්මනින් ඉවත්වීමට හෝ වෙනත් නායකයෙක් තෝරා ගැනීමට යම් කාල පරාසයක් ලබාදීමට නියමිත බව වාර්තා වේ.