ඊසාන නයිජීරියාවේ දී තියුණු ආයුධ යොදාගෙන සිදුකළ ප්රහාරයක් හේතුවෙන් ගොවීන් 43 දෙනෙක් ඝාතනය වී තිබේ.
එම පුද්ගලයන්ව කපාකොටා ඝාතනය කර ඇතැයිවාර්තා වේ.
බොකෝ හරාම් සහ ඉස්ලාමීය රාජ්ය සටන් කණ්ඩායම් එම කලාපයේ සිටින අතර එම ප්රදේශයේ මෑත කාලයේ සිදුකළ දරුණුම ප්රහාරය එය ලෙස සැලකේ.
නමුත් මෙතෙක් කිසිවෙක් එම ප්රහාරයට වගකීම භාරගෙන නැත.






