corona task force
ඇමෙරිකාවේ තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන්, මහජන සෞඛ්‍ය විශේෂඥයන් දෙදෙනකු ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා පත් කෙරෙන කාර්ය සාධක බලකාය සඳහා තෝරාගෙන ඇතැයි ඇමෙරිකානු පුවත් සේවා වාර්තා කරයි.
ජෝ බයිඩන්  ‘කොවිඩ්-19’ කාර්යසාධක බලකාය මේ සතියේදී පත් කරනු ඇතැයි ද ඇමෙරිකානු වාර්තා සඳහන් කරයි.
නව කොරෝනා වයිරසය පාලනය කිරීමට කඩිනම් පියවර ගන්නා බව තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් සිය ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී දිගින් දිගටම පැවැසීය.
ඇමෙරිකානු ජනතාව මුඛ ආවරණ පැලඳීම සඳහා උනන්දු කරවීම සහ ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම කීය.

Similar Posts