ඇෆ්ගනිස්තානයේ දැරියන්ගේ අධ්‍යාපන අයිතිය තහනම් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධ්‍යාපන පරිවර්තන සමුළුවේ විශේෂ උපදේශක ලෙනාර්ඩෝ ගානියර්ගේ දැඩි අවිවේචනයට ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇෆ්ගනිස්තානයේ ටෝලෝ පුවත් සේවය සඳහන් කරන්නේ ඇෆ්ගනිස්තානයේ දැරියන්ගේ අධ්‍යාපනයට තහංචි දැමීම හේතුවෙන් තලේබාන් රජයට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් දැඩි පීඩනයක් එල්ල වීම ඉතා බරපතළ තත්ත්වයක් බවට ගානියර් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ බවය.

දැරියන්ගේ අධ්‍යාපන තහංචි හේතුවෙන් ඇෆ්ගනිස්තානය දැඩි අන්තවාදී තත්ත්වයට පත්වී ඇතැයි ද, එම තහංචි ඉවත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් තලේබාන් රජයට දැඩි බලපෑම් කළ යුතුව ඇතැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Similar Posts