අනුරාධපුර අනුදි ගුණසේකර Miss World, මිස් වර්ල්ඩ් තරගයේදී අනුදි ගුණසේකර කළ කතාවට ඉහළ ප්‍රතිචාර, අපේ අනුදි අවසන් 20 අතරට, Miss World 2025: රූ රැජිණ තරග කාන්තාවන් සවිබල ගන්වනවා ද?

ඉන්දියාවේ හයිද්‍රබාද් හිදී මැයි 31දා පැවැත්වීමට නියමිත 72 වැනි ලෝක රූ රැජින තේරීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින අනුදි ගුණසේකර දක්ෂතා වටයේ 24 දෙනා අතරට තේරී පත්වී ඇත.

දක්ෂතා වටය (Talent Competition ) මූලික වටයෙන් ලොව සෑම මහාද්වීපික කාලාපයක්ම නියෝජනය කරමින් රටවල් රැසක් තරග කර ඇත. අනුදි ආසියාව සහ ඕෂනියාව මහද්වීපික කලාපයෙන් අර්ධ අවසන් පූර්ව වටයට තේරී පත්වූ තරගකාරියන් 13 දෙනා අතරට තේරීපත් වූවාය.

මේ තරගාවලිය යටතේ ක්‍රියාත්මක මුහුණට මුහුණ අභියෝගය තරගය පසුගියදා පැවැති අතර එහිදී අනුදි කළ කතාව මේ වන විට දෙස් විදෙස් බොහෝදෙනා අතර ඉතා ජනප්‍රිය වී තිබේ. ධම්ම පදයේ සඳහන් “සබ්බ පාපස්ස අකරණං“ යන්නෙන් කතාව ආරම්භ කළ ඇය යහපත වැපිරීමේ අවශ්‍යතාව අවධාරණය කළාය.

25 හැවිරිදි අනුදි ගුණසේකර කැලණිය සරසවියෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධිය සමත්ව සිටින අතර, ශ්‍රී ලංකාවේ විදේශ සේවයට එක්වීමට සැලසුම් කරයි. සිංහල, ඉංග්‍රීසි, දෙමළ සහ ප්‍රංශ භාෂා හසුරු වන ඇය අනුරාධපුර නගරයේ උපන් බව ද මෙහිදී සඳහන් කර සිටියාය.

අනුදි ගුණසේකර
අනුදි ගුණසේකර අනුදි ගුණසේකර අනුදි ගුණසේකර

More Stories