අමරණීය මරණාධාර සමිතියේ නිලධාරීන් ලක්ෂ 450කට විදියි

amaraniya

අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල, කටියාව යාය 01 ගම්මානයේ පවත්වාගෙන යනු ලබන අමරණීය මරණාධාර සමිතියේ රුපියල් ලක්ෂ 450ක මුදලක් එම සමිතියේ ඉහළ නිලධාරීන් කීප දෙනෙකු වංචා කළ බවට චෝදනා කරමින් ඔවුන්ට විරුද්ධව සමිතියේ සාමාජිකයෝ පොල් ගසා උද්ඝෝෂණයක නිරත වූහ.

එප්පාවල, කටියාව යාය 01 අමරණීය මරණාධාර සමිතියේ සාමාජික මහතෙකු පෙරේදා (30) අභාවප්‍රාප්ත වී ඇති අතර, එම මරණයට ගෙවිය යුතු මරණ පාරිතෝෂික මුදල් ගෙවීමට සමිතියේ මුදල් නොමැති වීම හේතුවෙන් හදිසි මහ සභා රැස්වීමක් ඊයේ (01) කැඳවා තිබිණි. එහිදී සමිතිය සතුව තිබූ රුපියල් ලක්ෂ 450කට වැඩි මුදලක් නිලධාරීන් විසින් වංචා කර ඇති බවට සමිතියේ සාමාජිකයින් චෝදනා කළ අතර, අදාළ වංචාවන් සිදු කළ නිලධාරීන්ගේ නිවෙස් වෙත ගොස් සමිතියේ මුදල් ඉල්ලා උද්ඝෝෂණය කිරීමට සමිතියේ සාමාජිකයෝ යෝජනා කරනු ලැබූහ.

ඒ අනුව සමිතියේ 500කට ආසන්න සාමාජික පිරිස පා ගමනින් සමිතියේ සභාපති ධුරය හෙබවූ විමලා දිසානායක නම් කාන්තාවගේ නිවෙස ඉදිරිපිටට ගොස් හූ කියමින් සටන් පාඨ කියමින්, රතිඤ්ඤා දල්වමින් තම සමිතියෙන් වංචා කළ මුදල් ලබා දෙන ලෙසට ඉල්ලීම් කරනු ලැබූහ. කෙසේ වෙතත් අදාළ නිවෙසේ නිවැසියන් කිසිවෙකුත් විරෝධතාකරුවන් හමුවට නොපැමිණි අතර, විරෝධතාකරුවන් පැයකට ආසන්න කාලයක් විරෝධතාවයෙහි නිරත වී, අනතුරුව එම සමිතියේ ණය කමිටුවේ සභාපති ධුරය හොබවන තලාව ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක උදය අබේසිංහ මහතාගේ නිවෙස අසලට පා ගමිනින් පැමිණ විරෝධතාවයෙහි නිරත වූහ. එම නිවෙසේද දොරගුළු ලා තිබූ අතර, කිසිවෙකුත් විරෝධතාකරුවන් හමුවට නොපැමිණියහ.

අනතුරුව විරෝධතාකරුවෝ එම නිවෙස ඉදිරිපිටද රතිඤ්ඤා දල්වා පොල් ගැසූහ.

අනතුරුව අදහස් දැක්වූ විරෝධතාකරුවන් කියා සිටියේ, කටියාව යාය 01, අමරණීය මරණාධාර සමිතියේ සභාපති ධුරය හෙබවූ විමලා දිසානායක නම් කාන්තාව හා ණය කමිටුවේ සභාපති ධුරය හෙබවූ ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක උදය අබේසිංහ යන දෙදෙනා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සාමාජිකයින්ට ණය ලබා දෙන බව පවසා සාමාජිකයින්ට හොර රහසේම සමිතිය සතු මුදල් රුපියල් ලක්ෂ 450කට ආසන්න මුදලක් වංචා කර ඇති බවයි. තම සමිතියෙහි සාමාජිකයින් 500කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත්, එම සාමාජිකයින්ගෙන් හා මියගිය සාමාජිකයින්ගේ සාමාජික මුදල්, දඩ මුදල් ඇතුළු ලැබීම් සියල්ල මෙම නිලධාරීන් පිරිස විසින් සොරාගෙන ගොස් සමිතියේ වත්කම මේ වන විට බින්දුවට බස්සා ඇතැයි පැවසීය. ඒ හේතුවෙන් පෙරේදා (30) දින සිදු වූ සාමාජිකයකුගේ මරණයකට මරණ පාරිතෝෂික ලෙස සාමාජිකයකුගෙන් රුපියල් 500 බැගින් එකතු කර ගෙවීමට සිදු වූ බවද ඔවුහු පෙන්වා දුන්හ.

මේ සම්බන්ධයෙන් එප්පාවල පොලිස් ස්ථානයට පැමිණිලි කර අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇතත්, අදාළ නිලධාරීන් සමිතියේ මුදල් ලැබීම් හා වියදම් වීම් පෙන්වා දීමට අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් නොකර ඒවා වේයන් හා මීයන් කා විනාශ වී ඇතැයි පවසන බවද විරෝධතාකරුවෝ පැවසූහ. වංචාවන් සිදු කළ බවට චෝදනා කළ නිලධාරීන්ගේ නිවාස පිහිටි භූමියට ඇතුළු නොවී, ඔවුන්ගේ දේපළවලටද හානි සිදු නොකර මෙම පිරිස විරෝධතාවයෙහි නිරත වූ අතර, විරෝධතාකරුවන් කියා සිටියේ සමිතියෙන් වංචා කළ මුදල් ඔවුන්ගෙන් ලබා ගන්නා තුරු මෙම අරගලය අත් නොහරින බවයි. අදාළ ස්ථානයන්හි ආරක්ෂාව සඳහා එප්පාවල පොලිස් ස්ථානයේ නිලධාරීහුද පැමිණ සිටියහ.

අනුරාධපුර – තිසර සමල්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….