ranil5

ආණ්ඩු වෙනස් කිරීම සඳහා නැවත අරගල කරන්නට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

නැවත අරගල කරන්න ආවොත් හදිසි නීතිය සහ හමුදාව යොදවා එය කරන්නට ඉඩ දෙන්නේ නැති බව ද ජනාධිපතිවරයා කීය.

බලපත්‍රයක් අරගෙන පාර අවහිර වන්නේ නැති පරිදි විරෝධතා කරන්නට හැකියාව ඇති බව කී ජනාධිපතිවරයා එසේ නොමැතිව අරගල කරන්නට ආවොත් ඊට ඉඩ දෙන්නේ නැති බව කීය.

රට ගැන සිතා උද්ඝෝෂණ අවුරුද්දකට හෝ දෙකකට නවත්වන්නැයි රටේ සියලුම සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කරන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.

“රටට සංචාරකයෝ පැමිණිය හොත් පමණයි ඩොලර් එන්නේ. නැත්නම් ඩොලර් නැහැ. උද්ඝෝෂණ තියෙනකොට සංචාරකයෝ එන්නේ නෑ” යැයිද වෙල්ගම මහතා පැවසීය.

රාජ්‍ය ආයතනවල සේවක සංඛ්‍යාව වැඩිවීමට මේ සභාවේ මන්ත්‍රීවරුන් සියලු දෙනා වගකිවයුතු බවත් තමාද කලුතර අය රජයේ රැකියාවලට දැමූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Similar Posts