අවසන් සාකච්ඡාවට ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

mathiwarana-komition-sabawa

ජනාධිපතිවරණයට අදාලව අවසන් සාකච්ඡාවට සියලු ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට අද මැතිවරණ කොමිසමට පැමිණෙන්නැයි කැඳවීමක් කර තිබේ.

අද පෙරවරු 10.30 ට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහායි.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වන දිනයේ කටයුතු සම්බන්ධයෙන් හා ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානවලට නියෝජිතයින් පත් කිරිම පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කිරිමට නියමිතව තිබේ.

මෙම සාකච්ඡාව සදහා මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට, දේශපාලන පක්ෂවල ‍ලේකම්වරුන්ට සහ පක්ෂ නියෝජිතයින්ට ආරාධනා කර ඇති බව සදහන් වේ.

Related posts