උසස් පෙළ හදාරන සිසුන්ට ශිෂ්‍යත්ව ආධාර ලබා දිමේ වැඩ සටහනක්

dailyreporter

අද මෙම ශිෂ්‍යත්ව මුදල් ලබා ගන්නා ඔබලා තෝරාගෙන තිබෙන්නේ මෙම ප්‍රදේශයේ විශාල සිසුන් පිරිසක් අතරින් එම නිසා මේ ලබා දෙන ශිෂ්‍යත්ව මුදල් තම අධ්‍යාපන කටයුතුවලට පමනක් වැය කිරිමට කටයුතු කරන්න.
හැටන් අධ්‍යාපන කලාපයේ උසස් පෙළ හදාරන සිසුන් 12 දෙනකුයට ශිෂ්‍යත්ව ආධාර ලබා දිමේ වැඩ සටහනක් අමතමින් කැන්ඩි සිටික් කරිටාස් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පියතුමන් මේ බව පවසන ලදි.
වතු ප්‍රජාවගේ ජිවිත ආලෝකමත් කරමු යන තේමාව යටතේ හැටන් අධ්‍යාපන කලාපයේ වතු කර දරුවන් සදහා උසස් පෙළ හැදැරිමට මසකට රුපියල් පන් දහාස (5000/=) බැගින් ලබා දිමට කැන්ඩි සිටික් කරිටාස් ආයතනය මගින් පියවර ගෙන ඇති අතර එහි 2024 වර්ෂයේ ශිෂ්‍යාධාර ලබා දිමේදි වැඩි දුරටත් අදහස් දැක්වු නියුමන් පිරිස් පුජක තුමන් මෙසේද පවසන ලදි.
මෙම ශිෂ්‍යත්ව මුදල් ලබා දෙන්නේ ඔබලාගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කර ගෙන යාමටයි එම නිසා මෙම මුදල් අධ්‍යාපන කටයුතු සදහා පමනක් වැය කිරිමට පියවර ගත යුතුයි එම නිසා මෙම මුදල් උපයෝගි කර ගෙන හොදින් ඉගෙන ගෙන හොද රැකියාවන් කර ඔබලාගේ ජිවිත සාර්ථක කර ගැනිමට පියවර ගන්න.

මෙහිදි අදහස් දැක්වු හැටන් සිටික් ආයතනයේ සම්බන්ධිකාරක එස්. නිකලස් මහතා පසු ගිය සමන්‍ය පෙල විභාගයෙන් විෂයන් සදහා ලකුණු හැටට වැඩියෙන් ලබා ගෙන උසස් පෙළ හැදැරිමට සමත් එහෙත් ආර්ථික ප්‍රශ්න ඇති සිසුන් අතරින් තමයි මේ ශිෂ්‍යත්වලාභින් වන ඔබලා තෝරා ගෙන තිබෙන්නේ.
එම නිසා මේ ලබා දෙන ශිෂ්‍යත්ව මුදල් අධ්‍යාපන කටයුතු සදහා පමනක් වියදම් කිරිමට ඔබලා පියවර ගත යුතුයි එමෙන්ම ඔබලා මෙම මුදල් අධ්‍යාපන කටයු තු සදහා වියදම් කරන අකාරය සැම මසකම අප වෙත වාර්ථාවක් ලබා දිමටත් පියවර ගත යුතුයි.
අමතර පංති සදහා වැය කරන මුදල් පිලිබදව බස් රථවල යාමට සීසන් සදහා වැය කරන මුදල් පිලිබදව එම සිසන් පත් අමතර පංති කාඩ්, පොත් පත් ලබා ගන්නා බිල් ආදිය පොතක අලවා ඉදිරිපත් කිරිමට පියවර ගන්න.
හිතන්න එපා මේ ශිෂ්‍යත්ව මුදල් ලබාදී නිති පනවනවා කියලා මොකද අපි දැනගත යුතුයි මේ මුදල් ඔබලාගේ අධ්‍යාපන කටයුතුවලටම වැය කරනවාද කියලා ශිෂ්‍යත්ව මුදල් ලබා දෙන්න ඕන තරම් සිසුන් ඉන්නවා ඒත් අපි මේ අයගෙන් බලා පොරෝත්තු වන්නේ මේ දෙන ශිෂ්‍යත්ව මුදලින් උපරිම ප්‍රයෝජන ගෙන ඔබලා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරනවා බැලිමටයි.
ඔබලා විශ්ව විද්‍යාලවල ගිය විට මෙයට වඩා ලොකු මුදලකින් සමන්විත ශිෂ්‍යත්වය ලබා දිමට අපි පියවර ගන්නවා සිටික් කරිටාස් ආයතනයේ එකම බලාපොරෝත්තුව මේ වතුකරයේ දරුවන් හොදින් අධ්‍යාපනය හදාරා හොද රැකියාවන් කරන පිරිසක් බවට පත් කිරිමයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….