dailyreporter

අද මෙම ශිෂ්‍යත්ව මුදල් ලබා ගන්නා ඔබලා තෝරාගෙන තිබෙන්නේ මෙම ප්‍රදේශයේ විශාල සිසුන් පිරිසක් අතරින් එම නිසා මේ ලබා දෙන ශිෂ්‍යත්ව මුදල් තම අධ්‍යාපන කටයුතුවලට පමනක් වැය කිරිමට කටයුතු කරන්න.
හැටන් අධ්‍යාපන කලාපයේ උසස් පෙළ හදාරන සිසුන් 12 දෙනකුයට ශිෂ්‍යත්ව ආධාර ලබා දිමේ වැඩ සටහනක් අමතමින් කැන්ඩි සිටික් කරිටාස් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පියතුමන් මේ බව පවසන ලදි.
වතු ප්‍රජාවගේ ජිවිත ආලෝකමත් කරමු යන තේමාව යටතේ හැටන් අධ්‍යාපන කලාපයේ වතු කර දරුවන් සදහා උසස් පෙළ හැදැරිමට මසකට රුපියල් පන් දහාස (5000/=) බැගින් ලබා දිමට කැන්ඩි සිටික් කරිටාස් ආයතනය මගින් පියවර ගෙන ඇති අතර එහි 2024 වර්ෂයේ ශිෂ්‍යාධාර ලබා දිමේදි වැඩි දුරටත් අදහස් දැක්වු නියුමන් පිරිස් පුජක තුමන් මෙසේද පවසන ලදි.
මෙම ශිෂ්‍යත්ව මුදල් ලබා දෙන්නේ ඔබලාගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කර ගෙන යාමටයි එම නිසා මෙම මුදල් අධ්‍යාපන කටයුතු සදහා පමනක් වැය කිරිමට පියවර ගත යුතුයි එම නිසා මෙම මුදල් උපයෝගි කර ගෙන හොදින් ඉගෙන ගෙන හොද රැකියාවන් කර ඔබලාගේ ජිවිත සාර්ථක කර ගැනිමට පියවර ගන්න.

මෙහිදි අදහස් දැක්වු හැටන් සිටික් ආයතනයේ සම්බන්ධිකාරක එස්. නිකලස් මහතා පසු ගිය සමන්‍ය පෙල විභාගයෙන් විෂයන් සදහා ලකුණු හැටට වැඩියෙන් ලබා ගෙන උසස් පෙළ හැදැරිමට සමත් එහෙත් ආර්ථික ප්‍රශ්න ඇති සිසුන් අතරින් තමයි මේ ශිෂ්‍යත්වලාභින් වන ඔබලා තෝරා ගෙන තිබෙන්නේ.
එම නිසා මේ ලබා දෙන ශිෂ්‍යත්ව මුදල් අධ්‍යාපන කටයුතු සදහා පමනක් වියදම් කිරිමට ඔබලා පියවර ගත යුතුයි එමෙන්ම ඔබලා මෙම මුදල් අධ්‍යාපන කටයු තු සදහා වියදම් කරන අකාරය සැම මසකම අප වෙත වාර්ථාවක් ලබා දිමටත් පියවර ගත යුතුයි.
අමතර පංති සදහා වැය කරන මුදල් පිලිබදව බස් රථවල යාමට සීසන් සදහා වැය කරන මුදල් පිලිබදව එම සිසන් පත් අමතර පංති කාඩ්, පොත් පත් ලබා ගන්නා බිල් ආදිය පොතක අලවා ඉදිරිපත් කිරිමට පියවර ගන්න.
හිතන්න එපා මේ ශිෂ්‍යත්ව මුදල් ලබාදී නිති පනවනවා කියලා මොකද අපි දැනගත යුතුයි මේ මුදල් ඔබලාගේ අධ්‍යාපන කටයුතුවලටම වැය කරනවාද කියලා ශිෂ්‍යත්ව මුදල් ලබා දෙන්න ඕන තරම් සිසුන් ඉන්නවා ඒත් අපි මේ අයගෙන් බලා පොරෝත්තු වන්නේ මේ දෙන ශිෂ්‍යත්ව මුදලින් උපරිම ප්‍රයෝජන ගෙන ඔබලා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරනවා බැලිමටයි.
ඔබලා විශ්ව විද්‍යාලවල ගිය විට මෙයට වඩා ලොකු මුදලකින් සමන්විත ශිෂ්‍යත්වය ලබා දිමට අපි පියවර ගන්නවා සිටික් කරිටාස් ආයතනයේ එකම බලාපොරෝත්තුව මේ වතුකරයේ දරුවන් හොදින් අධ්‍යාපනය හදාරා හොද රැකියාවන් කරන පිරිසක් බවට පත් කිරිමයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts