එළඹෙන 14 වන දා දුම්රිය වර්ජනයක්

එළඹෙන මාර්තු 14 වැනිදා දුම්රිය වර්ජනයක් පැවැත්වීමට නියමිත බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්. විතානගේ මහතා කියා සිටී.

රජයේ නව බදු ප්‍රතිපත්තිය, ඉහළ දැමූ බැංකු පොලී අනුපාතය, දරාගත නොහැකි විදුලි බිල යනාදී රජයේ අමානුෂික මර්දනකාරී ක්‍රියා පිළිවෙත ඇතුළු කරුණු ගණනාවක් මුල්කරගනිමින්, ඊයේ සිට ක්‍රියාත්මක කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ග වල දිගුවක් ලෙස මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කොට සිටියේය.

Related posts