කළුතර ප්‍රදේශ කීපයක නිවාස  56කට හානී

පසුගියදා හමාගිය සුළං තත්වයක් හේතුවෙන්  කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක නිවාස  56 කට අර්ධ හානි සිදුව පුද්ගලයන් 205 දෙනෙකු  පීඩාවට පත්ව ඇතැයි කළුතර  දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ඊයේ (18) සවස පැවසීය .

මෙසේ පීඩාවට  පත් ජනතාවට අවශ්‍ය  සහන සලසන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ට  අවශ්‍ය  උපදෙස් දී ඇතැයි කළුතර  දිසාපති  යූ.ඩී.සී. ජයලාල් මහතා කීවෙීය .

කළුතර දිස්ත්‍රික්කයේ යමි හදිසි තත්ත්වයටක් ඇතිවුවහොත් නාවික හමුදාව, පොලීසිය , ආපදා කළමනාකරණ එ්කකය , ඊට මුහුණදීමට සුදානමින් තබා ඇතැයි   දිසාපතිවරයා  කීවෙීය .

සෝමරත්න පොද්දෙණිය – මිගහතැන්න

More Stories