කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළට

මධ්‍යම කදුකරයට 02වන දින අළුයම සිට විටින් විට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පවසන ලදි.

එම ජලාශයේ ජල මට්ටම 03වන දින උදැසන වන විට පිටාර මට්ටමට අඩි 34ක් පහලින් පවතින බවත් මෙම ජලය ජල විදුලිය නිපදවිම සදහා උපරිම ලෙස ජල විදුලි බලාගාර වෙත මුදා හැරිමට පියවර ගන්නා බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts