කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි

විදුලිබල මණ්ඩලය සිදුකරන අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් හෙට (21) පෙරවරු 11 සිට රාත්‍රී 8 දක්වා පැය 9ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටවුන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, දෙහිවල , ගල්කිස්ස , කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බලප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බලප්‍රදේශ සහ කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ මෙන්ම රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනු ඇති.

Related posts