ගුරුවරියක් විසින් සිසුවකුට පොල් ගෙඩියකින් හිසට පහරදිමකට එරෙහිව උද්ඝෝෂනයක්

හැටන් ෂැනන් විදුහලේ සිසුවකුට එම විදුහලේ ගුරුවරියක් විසින් පොල් ගෙඩියකින් හිසට පහර දිමකට එරෙහිව එම සිසුවාගේ පියා ඇතුළු පිරිසක් 01වන දින එම විදුහල ඉදිරිපිට නිහඩ උද්ඝෝෂනයක් පවත්වන ලදි.
එම විදුහලේ සිසුන් සදහා අද දිනයේද විභාගය පැවැත්වෙන බැවින් මෙම නිහඩ උද්ගෝෂනය එම විදුහල ඉදිරිපිටදි පැවති අතර එහිදි පහාර කැමට ලක්වු සිසුවාගේ පියා වන ක්‍රිෂ්නකුමාර් මහතා මෙසේ පවසන ලදි.
මගේ දරුවා වන ක්‍රිෂ්නකුමාර් පවිත්‍රන් යන අය හැටන් ෂැනන් විදුහලේ 8වන වසරේ ඉගෙනුම ලබනවා පසු ගිය සසුදා විභාගය පවත්වලා විදුහලේ සරස්වති පුජාව පැවැත්විමෙන් පසු විභාගයේ ප්‍රශ්න පත්‍රයට වැරදි ලියලා කියලා ගුරු මහත්මියක් මගේ පුතාගේ ඔලුවට පොල් ගෙඩියකින් ගහලා තියෙනවා.

මට එදා මගේ පුතා මොකුත් කිව්වේ නැහැ එත් පුතා අසනිප ගතියෙන් ඉන්න බව තේරුනා පුතා දින දෙකක් හරියට නිදා ගත්තෙත් නැහැ පසුව නිදා ගන්න ගිය විට මම පුතාගේ ඔලුව අතගගා ඇහුවා මොකද කියලා එවිට මට දැනුනා පුතාගේ ඔලුව ඉදිමිලා තියෙන බව පසුව මම මගේ අම්මට පැවසුවා මේ පිලිබදව පුතා මට මොකුත් කියන්නේ නැහැ එම නිසා මේ පිලිබදව අහන්න කියලා.
මගේ බිරිද රට රැකියාව නිරතවන නිසා මගේ අම්මයි නංගියි අපි එක ගෙදර ඉන්නේ එම නිසා මගේ අම්මා මේ ගැන පුතාගෙන් අහාන විට පුතා මගේ අම්මගෙන් අහලා තියෙනවා පොල් ගෙඩියකින් ඔලුවට ගහපුවම මොකද වෙන්නේ කියලා පසුව අම්මා මගේ නංගිට කියලා තියෙනවා පොල් ගෙඩියකින් ඔලුවට ගහපුවම මොකද වෙන්නේ කියලා අහනවා මේ ගැන අහලා බලන්න කියලා පසුව නංගි මේ ගැන අහන කොට තමයි පුතා මේ ටිචර් පොල් ගෙඩියකින් ගහපු කතාව කියලා තියෙන්නේ.

පසුව මම පුතාව ඉස්කෝලේට එක්ක ඇවිත් මේ ගැන විදුහල්පතිනියට පැවසුවා පසුව මේ පිලිබදව එම පංතියේ ලමුන් ගෙන්වලා මේ ගැන අහන විට එම ලමුන් මුලින් කිවේ පොල් ගෙඩියකින් නොව කෝටුවකින් ගැහැවුවා කියලා පසුව මම කිවා බය වෙන්නේ නැතිව ඇත්ත කියන්න කියලා පසුව ලමුන් කිප දෙනකු කිවා පොල් ගෙඩියකින් ගැහැවුවේ නැහැ පොල් ගෙඩියක් දෙපාරක් ඔලුවට තියලා විහිලු කලා කියලා පසුව ලමුන් කිප දෙනකු මට කිවා බය නිසා කිව්වේ නැහැ ටිචර් පොල් ගෙඩියකින් ඔලුවට ගැහැවුවා කියලා.
පසුව මම හැටන් පොලිසියේ පැමිනිල්ලක් දාලා පුතාව දික්ඔය ග්ලැන්කන් රෝහල ඇතුලත් කලා පුතා තවම රෝහලේ ප්‍රථිකාර ලබනවා මම කියන්නේ මෙම ගුරුවරිය මෙම පාසලෙන් මාරු කර මෙම ගුරුවරියට එරෙහිව නිසි පරික්ෂනයක් පවත්වන්න කියලායි.
මේ පිලිබදව කරන ලද විමසිමකදි ඇදහස් දැක්වු එම විදුහලේ විදුහල්පතිනි එස්.විජයන්ති මහත්මිය මට සිකුරාදා තමයි ක්‍රිෂ්නකුමාර යන අය පුතාව එක්ක ඇවිත් මේ ටිචර් කෙනෙක් පුතාට පොල් ගෙඩියකින් ගහලා තියෙනවා කියලා කිව්වේ මම එවිට කවද්ද වුනේ කියලා අහන විට 23වන දින මෙය සිදුවුන බවත් ඔහු පැවසුවා.

මෙම සිසුවා අගහරුවාදා බබදා යන දින දෙකෙත් පාසල් ඇවිත් සෙල්ලන් කරලා තවත් ලමයකුට ගැහුවා කියලා ප්‍රශ්නයකුත් තියෙනවා පසුව මම අදාල ටිචර්ගෙන් මේ ගැන අහාන විට ටිචර් කිව්වේ ගැහැවුවේ නැහැ කියලා පසුව මේ පිලිබදව එම පංතියේ ලමයින් ගෙන්වලා මේ ගැන අහන විට එම ලමයින්ද කිව්වේ ගැහැවුවේ නැහැ පොල් ගෙඩිය ඔලුවට තියලා ටිචර් විහිලු කලා කියලායි.
එතනදි මෙම පියා එම ලමයිට සැර කලා පසුව මම එතනදිත් පැවසුවේ කාටවත් බය නොවි ඇත්ත කියන්න කියලා එතනදිත් ලමයි කිව්වේ පොල් ගෙඩිය ඔලුවට තියලා දෙපාරක් විහිලු කලා කියලායි ලමයාගේ ඇස් දෙක රතුවෙලා නිසා මම ක්‍රිෂ්නකුමාර්ට කිව්වා ලමයට ඇස් ලෙඩද දන්නේ එම නිසා වෛද්‍යවරයකුට පෙන්නන්න කියලා පසුව ක්‍රිෂ්නකුමාර්ද කිවේ මැඩම් දැක්කෙත් නැහැ මම දැක්කෙත් නැහැ ලමයි කියනදේ නේද අපි අහන්නේ කියලා.
පසුව ගිය සිකුරාදා මේ පිලිබදව ක්‍රිෂ්නකුමාර් හැටනේ පොලිසියට පැමිනිල්ලක් දාලා තියෙනවා මෙ පිලිබදව මම එම ලමයා බලන්න රෝහලටත් ගියා එදාත් ක්‍රිෂ්නකුමාර් කිවේ අපි මෙය විදුහලේදි විසද ගනිමු කියලායි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….