හැටන් ෂැනන් විදුහලේ සිසුවකුට එම විදුහලේ ගුරුවරියක් විසින් පොල් ගෙඩියකින් හිසට පහර දිමකට එරෙහිව එම සිසුවාගේ පියා ඇතුළු පිරිසක් 01වන දින එම විදුහල ඉදිරිපිට නිහඩ උද්ඝෝෂනයක් පවත්වන ලදි.
එම විදුහලේ සිසුන් සදහා අද දිනයේද විභාගය පැවැත්වෙන බැවින් මෙම නිහඩ උද්ගෝෂනය එම විදුහල ඉදිරිපිටදි පැවති අතර එහිදි පහාර කැමට ලක්වු සිසුවාගේ පියා වන ක්‍රිෂ්නකුමාර් මහතා මෙසේ පවසන ලදි.
මගේ දරුවා වන ක්‍රිෂ්නකුමාර් පවිත්‍රන් යන අය හැටන් ෂැනන් විදුහලේ 8වන වසරේ ඉගෙනුම ලබනවා පසු ගිය සසුදා විභාගය පවත්වලා විදුහලේ සරස්වති පුජාව පැවැත්විමෙන් පසු විභාගයේ ප්‍රශ්න පත්‍රයට වැරදි ලියලා කියලා ගුරු මහත්මියක් මගේ පුතාගේ ඔලුවට පොල් ගෙඩියකින් ගහලා තියෙනවා.

මට එදා මගේ පුතා මොකුත් කිව්වේ නැහැ එත් පුතා අසනිප ගතියෙන් ඉන්න බව තේරුනා පුතා දින දෙකක් හරියට නිදා ගත්තෙත් නැහැ පසුව නිදා ගන්න ගිය විට මම පුතාගේ ඔලුව අතගගා ඇහුවා මොකද කියලා එවිට මට දැනුනා පුතාගේ ඔලුව ඉදිමිලා තියෙන බව පසුව මම මගේ අම්මට පැවසුවා මේ පිලිබදව පුතා මට මොකුත් කියන්නේ නැහැ එම නිසා මේ පිලිබදව අහන්න කියලා.
මගේ බිරිද රට රැකියාව නිරතවන නිසා මගේ අම්මයි නංගියි අපි එක ගෙදර ඉන්නේ එම නිසා මගේ අම්මා මේ ගැන පුතාගෙන් අහාන විට පුතා මගේ අම්මගෙන් අහලා තියෙනවා පොල් ගෙඩියකින් ඔලුවට ගහපුවම මොකද වෙන්නේ කියලා පසුව අම්මා මගේ නංගිට කියලා තියෙනවා පොල් ගෙඩියකින් ඔලුවට ගහපුවම මොකද වෙන්නේ කියලා අහනවා මේ ගැන අහලා බලන්න කියලා පසුව නංගි මේ ගැන අහන කොට තමයි පුතා මේ ටිචර් පොල් ගෙඩියකින් ගහපු කතාව කියලා තියෙන්නේ.

පසුව මම පුතාව ඉස්කෝලේට එක්ක ඇවිත් මේ ගැන විදුහල්පතිනියට පැවසුවා පසුව මේ පිලිබදව එම පංතියේ ලමුන් ගෙන්වලා මේ ගැන අහන විට එම ලමුන් මුලින් කිවේ පොල් ගෙඩියකින් නොව කෝටුවකින් ගැහැවුවා කියලා පසුව මම කිවා බය වෙන්නේ නැතිව ඇත්ත කියන්න කියලා පසුව ලමුන් කිප දෙනකු කිවා පොල් ගෙඩියකින් ගැහැවුවේ නැහැ පොල් ගෙඩියක් දෙපාරක් ඔලුවට තියලා විහිලු කලා කියලා පසුව ලමුන් කිප දෙනකු මට කිවා බය නිසා කිව්වේ නැහැ ටිචර් පොල් ගෙඩියකින් ඔලුවට ගැහැවුවා කියලා.
පසුව මම හැටන් පොලිසියේ පැමිනිල්ලක් දාලා පුතාව දික්ඔය ග්ලැන්කන් රෝහල ඇතුලත් කලා පුතා තවම රෝහලේ ප්‍රථිකාර ලබනවා මම කියන්නේ මෙම ගුරුවරිය මෙම පාසලෙන් මාරු කර මෙම ගුරුවරියට එරෙහිව නිසි පරික්ෂනයක් පවත්වන්න කියලායි.
මේ පිලිබදව කරන ලද විමසිමකදි ඇදහස් දැක්වු එම විදුහලේ විදුහල්පතිනි එස්.විජයන්ති මහත්මිය මට සිකුරාදා තමයි ක්‍රිෂ්නකුමාර යන අය පුතාව එක්ක ඇවිත් මේ ටිචර් කෙනෙක් පුතාට පොල් ගෙඩියකින් ගහලා තියෙනවා කියලා කිව්වේ මම එවිට කවද්ද වුනේ කියලා අහන විට 23වන දින මෙය සිදුවුන බවත් ඔහු පැවසුවා.

මෙම සිසුවා අගහරුවාදා බබදා යන දින දෙකෙත් පාසල් ඇවිත් සෙල්ලන් කරලා තවත් ලමයකුට ගැහුවා කියලා ප්‍රශ්නයකුත් තියෙනවා පසුව මම අදාල ටිචර්ගෙන් මේ ගැන අහාන විට ටිචර් කිව්වේ ගැහැවුවේ නැහැ කියලා පසුව මේ පිලිබදව එම පංතියේ ලමයින් ගෙන්වලා මේ ගැන අහන විට එම ලමයින්ද කිව්වේ ගැහැවුවේ නැහැ පොල් ගෙඩිය ඔලුවට තියලා ටිචර් විහිලු කලා කියලායි.
එතනදි මෙම පියා එම ලමයිට සැර කලා පසුව මම එතනදිත් පැවසුවේ කාටවත් බය නොවි ඇත්ත කියන්න කියලා එතනදිත් ලමයි කිව්වේ පොල් ගෙඩිය ඔලුවට තියලා දෙපාරක් විහිලු කලා කියලායි ලමයාගේ ඇස් දෙක රතුවෙලා නිසා මම ක්‍රිෂ්නකුමාර්ට කිව්වා ලමයට ඇස් ලෙඩද දන්නේ එම නිසා වෛද්‍යවරයකුට පෙන්නන්න කියලා පසුව ක්‍රිෂ්නකුමාර්ද කිවේ මැඩම් දැක්කෙත් නැහැ මම දැක්කෙත් නැහැ ලමයි කියනදේ නේද අපි අහන්නේ කියලා.
පසුව ගිය සිකුරාදා මේ පිලිබදව ක්‍රිෂ්නකුමාර් හැටනේ පොලිසියට පැමිනිල්ලක් දාලා තියෙනවා මෙ පිලිබදව මම එම ලමයා බලන්න රෝහලටත් ගියා එදාත් ක්‍රිෂ්නකුමාර් කිවේ අපි මෙය විදුහලේදි විසද ගනිමු කියලායි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts