චන්ද්‍රිකා, වෙල්ගම ගැන කිසිදු තීරණයක් නොගෙන ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව අවසන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (5) රැස් වූ අතර මෙම විශේෂ මධ්‍යම කාරක සභාව රැස් කළේ එදිනම පැවැත්වූ අපි ශ්‍රී ලංකා සමුළුවට සහභාගී වූවන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් බවට මාධ්‍ය වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත් එකී සමුළුවේ මූලිකත්වය ගත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට හා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට හෝ එහි ප්‍රධානත්වය ගත් කිසිදු අයෙකුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ඊයේ මධ්‍යම කාරක සභාවේදී නොගෙන ඇත.

මීට පෙර ප්‍රකාශ කලේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය  පක්ෂයේ අනුශාසක ධූරයෙන්ද නෙරපීමට මෙම මධ්‍යම කාරක සභාවේදී කටයුතු කරන බවයි.

මෙම මධ්‍යම කාරක සභා රැස්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගී වී ඇත.

Related posts