ඡන්ද පොළවල් වලට ජංගම දුරකථන ගේන්න එපා

ඡන්ද භාවිතා කීරීම පිණිස ඡන්ද මධ්‍යස්ථාන කරා පැමිණිමේදි ජංගම දුරකථන භාවිතයෙන් වැළකී සිටින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

ඡන්ද මධ්‍යස්ථානය ටෙලිෆෝන් බූත් එකක් නොවන බවත් එය රාජකාරී ස්ථානයක් බවත් ජංගම දුරකථන රැගෙන ඒමෙන් වළකින ලෙස ඔහු පවසයි.

එමෙන්ම යම් හෙයකින් ජංගම දුරකථනය ඡන්ද මධ්‍යස්ථානයේදි නාද වුවහොත් ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරි වලට බාධා වු සේ සලකා නීතිමය කටයුතු කිරිමේ හැකියාවද පවතින හෙයින් වඩාත් සුදුසුම දේ ඡන්ද පොලවල් වෙත ජංගම දුරකථන රැගෙන යාමෙන් වළකින බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

Related posts