ජාඇලට-වත්තලට පොලිස් ඇඳිරි නීතිය

අද(19) රාත්‍රී 10.00 සිට ජාඇල, වත්තල යන පොලිස් වසම්වලට නැවත දැනුම දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලීසිය පවසයි.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාඇල, වත්තල යන පොලිස් වසම්වලට නැවත දැනුම දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

ඇඳිරි නීති කාලය තුළදී සියලුම තැනැත්තන් තම නිවෙස්වල රැඳී සිටිය යුතු බව පොලීසිය පවසයි.

More Stories