තිරික්කල්කරුවෝ පොලිසියට පරදිති

thirkkal

ගෝනදූව මිල්ලනිය ප්‍රධාන මාර්ගයේ නීති විරෝධී අන්දමින් තිරික්කල් රේස් පදිමින් සිටී පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරොන්තුඩුව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 25 ත් 35 ත් අතර පුද්ගලයන් පිරිසකි.

රේස් පැදීම සදහා භාවිතා කළ හොඳින් වැඩුණු ගවයන් පස් දෙනෙකු සහ තිරික්කල පහ ද පොලිස් භාරයට ගෙන තිබේ. ප්‍රදේශයේ මහජනයා ගෙන ලද පැමිණිලි මත එදින අලුයම ගෝනදූව ප්‍රදේශයේ රැක සිටි පොලිස් කණ්ඩායම සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.

Related posts