තොටගල ගින්නෙන් විනාශ වූ නිවාස ගණන 80 ක් දක්වා ඉහළට

thotalaga

ග්‍රෑන්ඩ්පාස්, තොටලග කජීමාවත්ත ප්‍රදේශයේ පිහිටි නිවාස පෙළක ඊයේ රාත්‍රියේ හටගත් ගින්නෙන් නිවාස 80 ක් පමණ විනාශ වී ඇතැයි පොලීසිය පවසනවා.

කෙසේවෙතත් ගින්නෙන් ජීවිත හානි හෝ තුවාල සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ. ගිනි ගැනීම හේතුවෙන් පවුල් 80 ක පුද්ගලයින් 220 ක් අවතැන් වී සිටින බව ද පොලීසිය පැවසුවා.

ඔවුන් මේවනවිට කැලණි නදී විහාරය හා මුවදොර උයන මහල් නිවාස ප්‍රජා ශාලාවේ තාවකාලිකව රඳවා සිටින බව ද පොලීසිය සඳහන් කළා.

Related posts