කොළඹ වරාය ආසන්න මුහුදේ පුරා දින 12 ක් නවතා තිබෙන ගෑස් නෞකා දෙකෙන් පළමු නෞකාවේ ගෑස් ගොඩබෑම මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඒ, අදාල සැපයුම් සමාගමට මුදල් ගෙවීමෙන් පසුවයි.
නෞකා දෙකෙන් මෙරටට පළමුවෙන් ළගා වූ නෞකාවේ ඇති ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,500 ක ප්‍රමාණය පළමුව ගොඩබෑම සිදුවනවා. ඒ අනුව ගෑස් බෙදා හැරීමේ කටයුතු අද සිට යළි ආරම්භ කිරීමට නියමිතයි.