දේශපාලන සුදුවක් වු වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිමේ ප්‍රශ්නය මේ වන විට සමහර වෘත්තිය සමිතිවල දේශපාලන සුදුවක් බවට පත් ඇති බවත් වතු කම්කරුවන්ගේ රුපියල් දහසේ දෛනික වැටුප් වැඩි කිරිමත් මේ වන විට විහිලුවක් බවට පත්ව ඇති බවත් සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
ඒ මහතාගේ නිවසේදි මාධ්‍යට මේ බව පැවසු ඉලංගෝ මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.
වතු කම්කරුවන්ගේ රුපියල් දහසේ දෛනික වැටුප වැඩි කරන බවට සමහර වෘත්තිය සමිති වේදිකා දෙවනත් කරමින් විවිධ අදහස් පල කරනවා දැන් වසර ගනනාවක් පුරාවට තමන්ගේ බලය ලබා ගැනිමට මේ අය වතු කම්කරු වැටුප් ප්‍රශ්නය දේශපාලනන සුදුවක් ලෙස පත් කර ගත්තද බලය ලැබුන පසු එය අමතකයි.

නැවත එම ප්‍රශ්නය ගෙන එන්නේ මාස හයකට වරක් වෘත්තිය සමිති සමාජිකත්වය මාරු කරන විට හෝ මැතිවරණයක් ලංවන විටයි දැන් සමහර අය කියනවා වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා වැඩි කල යුතු බව ඒත් වතු සමාගම් කියනවා එම වැඩි කිරිම කරන්න බැහැ රුපියල් 330ක් වැඩි කර දෛනික වැටුප ලෙස රුපියල් 1330ක මුදලක් දෙන්නම් කියලා.
අද වන විට පවතින ජිවන වියදම අනුව මේ වැටුප වතු කම්කරුවන්ට ජිවත් විමට මදි එම නිසා අනිවාර්යෙන් මේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කල යුතුයි එම නිසා අප වෘත්තිය සමිතිය කියන්නේ වීශේෂයෙන් වතු කම්කරු කාන්තාවන් කඩන තේ දළු ක්‍රිලෝවක් සදහා රුපියල් සියයක මුදලක් ලබා දෙන්න කියලායි.

එවිට මේ වතු කම්කරු කාන්තාවන් තමන්ට හැකි අයුරින් කඩන දළු ක්‍රිලෝ ගනන වැඩි කර ගෙන තම ආදායම වැඩි කර ගැනිමට පියවර ගනියි එමෙන්ම එයින් වතු සමාගම්වලට දෛනිකව ලැබෙන දළු ප්‍රමානයන් වැඩි විමෙන් දෛනිකව නිස්පාදනය කරන තේ කුඩු ප්‍රමානයද වැඩි විමෙන් එම වතු සමාගම්වලටද හොද ආදායමක් ලබා ගන්න පුලුවන්.

එසේ කිරිමෙන් රටට ලැබෙන විදෙස් විනියමද නැතිනම් ඩොලර් ප්‍රමානයද වැඩි විමෙන් රටේ ආර්ථිකයද වර්ධනය විමේ තත්වයක් ඇති වෙයි එමෙන්ම වතුවල වැඩ කරන පිරිමි පාර්ශයේද වැටුප් යම් ප්‍රමාණයකින් හෝ වැඩි කල යුතු එසේ වැටුප් වැඩි කර දෛනික සේවා කාලයද වැඩි කිරිමට පියවර ගත යුතුයි.
එසේ කිරිමෙන් වතුකම්කරුවන්ගේ ජිවන තත්වයන් නගා සිටුවිමට හැකි වන්නාසේම වතු සමාගම්වල ආදායම් තත්වයන්ද ඉහල තත්වයක පවත්වාගෙන යාමට හැකිවන බවයි අප වෘත්තිය සමිතියේ අදහස.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….