වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිමේ ප්‍රශ්නය මේ වන විට සමහර වෘත්තිය සමිතිවල දේශපාලන සුදුවක් බවට පත් ඇති බවත් වතු කම්කරුවන්ගේ රුපියල් දහසේ දෛනික වැටුප් වැඩි කිරිමත් මේ වන විට විහිලුවක් බවට පත්ව ඇති බවත් සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
ඒ මහතාගේ නිවසේදි මාධ්‍යට මේ බව පැවසු ඉලංගෝ මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.
වතු කම්කරුවන්ගේ රුපියල් දහසේ දෛනික වැටුප වැඩි කරන බවට සමහර වෘත්තිය සමිති වේදිකා දෙවනත් කරමින් විවිධ අදහස් පල කරනවා දැන් වසර ගනනාවක් පුරාවට තමන්ගේ බලය ලබා ගැනිමට මේ අය වතු කම්කරු වැටුප් ප්‍රශ්නය දේශපාලනන සුදුවක් ලෙස පත් කර ගත්තද බලය ලැබුන පසු එය අමතකයි.

නැවත එම ප්‍රශ්නය ගෙන එන්නේ මාස හයකට වරක් වෘත්තිය සමිති සමාජිකත්වය මාරු කරන විට හෝ මැතිවරණයක් ලංවන විටයි දැන් සමහර අය කියනවා වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා වැඩි කල යුතු බව ඒත් වතු සමාගම් කියනවා එම වැඩි කිරිම කරන්න බැහැ රුපියල් 330ක් වැඩි කර දෛනික වැටුප ලෙස රුපියල් 1330ක මුදලක් දෙන්නම් කියලා.
අද වන විට පවතින ජිවන වියදම අනුව මේ වැටුප වතු කම්කරුවන්ට ජිවත් විමට මදි එම නිසා අනිවාර්යෙන් මේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කල යුතුයි එම නිසා අප වෘත්තිය සමිතිය කියන්නේ වීශේෂයෙන් වතු කම්කරු කාන්තාවන් කඩන තේ දළු ක්‍රිලෝවක් සදහා රුපියල් සියයක මුදලක් ලබා දෙන්න කියලායි.

එවිට මේ වතු කම්කරු කාන්තාවන් තමන්ට හැකි අයුරින් කඩන දළු ක්‍රිලෝ ගනන වැඩි කර ගෙන තම ආදායම වැඩි කර ගැනිමට පියවර ගනියි එමෙන්ම එයින් වතු සමාගම්වලට දෛනිකව ලැබෙන දළු ප්‍රමානයන් වැඩි විමෙන් දෛනිකව නිස්පාදනය කරන තේ කුඩු ප්‍රමානයද වැඩි විමෙන් එම වතු සමාගම්වලටද හොද ආදායමක් ලබා ගන්න පුලුවන්.

එසේ කිරිමෙන් රටට ලැබෙන විදෙස් විනියමද නැතිනම් ඩොලර් ප්‍රමානයද වැඩි විමෙන් රටේ ආර්ථිකයද වර්ධනය විමේ තත්වයක් ඇති වෙයි එමෙන්ම වතුවල වැඩ කරන පිරිමි පාර්ශයේද වැටුප් යම් ප්‍රමාණයකින් හෝ වැඩි කල යුතු එසේ වැටුප් වැඩි කර දෛනික සේවා කාලයද වැඩි කිරිමට පියවර ගත යුතුයි.
එසේ කිරිමෙන් වතුකම්කරුවන්ගේ ජිවන තත්වයන් නගා සිටුවිමට හැකි වන්නාසේම වතු සමාගම්වල ආදායම් තත්වයන්ද ඉහල තත්වයක පවත්වාගෙන යාමට හැකිවන බවයි අප වෘත්තිය සමිතියේ අදහස.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts