දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 200 ආසන්න වෙයි

curfew areas in sri lanka

මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 200 සීමාවට ආසන්න වී තිබේ.

යළිත් වරක් කොවිඩ් අනුප්‍රභේද රට තුළ පැතිරයමින් පවතින බව පසුගිය දින කිහිපය තුළම සෞඛ්‍ය අංශ දැඩිව අවධාරණය කළේය.

කෙසේවෙතත් ඊයේ (07) දිනයේ දි කොවිඩ් -19 ආසාදිතයින් 184 දෙනෙකු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම සියලු ආසාදිතයින් මෙරටින් හඳුනාගත් පුද්ගලයින් බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts