ධීවරයින්ට සහ නාවිකයින්ට අවවාදාත්මක නිවේදනයක්

diwara

මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රීකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ මෙන්ම ගිණිකොන දිග සහ නිරිත දිග බෙංගාල බොක්ක යන මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, එම මුහුදු ප්‍රදේශ ඉතා රළු හෝ දළ රළු වන බවටත්, ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවටත්, නිවේදනය කරමින්. සුළඟේ වේගය ද පැයට කිලෝ මීටර් 100 ක් දක්වා වැඩි විය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

Related posts