පරාටේ නීතිය තාව­කා­ලි­කව අත්හි­ටු­වන පනත් කෙටු­ම්පත අඟ­හ­රු­වාදා විවා­ද­යට

parli

පරාටේ නීතිය තාව­කා­ලි­කව අත්හි­ටු­වන ‘බැංකු මඟින් ප්‍රදා­නය කරන ලද ණය අය කර­ගැ­නීමේ (විශේෂ විධි­වි­ධාන සංශෝ­ධන) පනත් කෙටු­ම්පත’ පිළි­බඳ විවා­දය මැයි 7 දා විවා­ද­යට ගැනී­මට පාර්ලි­මේන්තු කටු­යුතු පිළි­බඳ කාරක සභාව තීර­ණය කර ඇත.

මැයි මස 7 අඟ­හ­රු­වාදා සිට 10 සිකු­රාදා දක්වා පාර්ලි­මේ­න්තුව රැස් වීමට නිය­මිත බව පාර්ලි­මේ­න්තුවේ මහ­ලේ­කම් කුෂානි රෝහ­ණ­දීර මහ­ත්මිය පැව­සු­වාය. පසු­ගිය අප්‍රේල් 26 වැනිදා නියෝජ්‍ය කථා­නා­යක අජිත් රාජ­පක්ෂ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවති පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ කාරක සභා­වේදී මේ සති­යට අදාළ පාර්ලි­මේන්තු කට­යුතු තීර­ණය වී ඇත. මේ අනුව 7 අඟ­හ­රු­වාදා පෙ.ව. 9.30ට පාර්ලි­මේ­න්තුව රැස් වන අතර, පෙ.ව. 9.30- පෙ.ව 10.30 කාලය වාචික පිළි­තුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

ඉන් පසුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා බෙදුම් නඩු (සංශෝ­ධන) පනත් කෙටු­ම්පත (දෙවැනි වර කිය­වීම), පරාටේ නීතිය 2024 දෙසැ­ම්බර් 15 දක්වා අත්හි­ටු­වනු පිණිස විධි­වි­ධාන ඇතු­ළත් බැංකු මඟින් ප්‍රදා­නය කරන ලද ණය අය­කර ගැනීමේ (විශේෂ විධි­වි­ධාන සංශෝ­ධන) පනත් කෙටු­ම්පත (දෙවැනි වර කිය­වීම) විවා­දය පැවැ­ත්වී­මට නිය­මි­තව ඇත. එසේම සත්‍ය ශ්‍රී ගණ­පති භක්ති ජන සේවා පද­නම (සංස්ථා­ගත කිරීමේ) නමැති පෞද්ග­ලික මන්ත්‍රී පනත් කෙටු­ම්පත දෙවැනි වර කිය­වීම සඳහා ඉදි­රි­පත් කිරී­ම­ටද නිය­මි­තව තිබේ. ඉන් පසුව ප.ව. 5.00 සිට 5.30 දක්වා සභාව කල් තබන අව­ස්ථාවේ යෝජ­නාව (ආණ්ඩු පාර්ශ්වය) විවා­ද­යට ගැනී­මට නිය­මි­තව ඇත.

2024 මැයි මස 8 බදාදා පෙ.ව. 09.30 ප.ව. 10.00 කාලය අග්‍රා­මා­ත්‍ය­ව­ර­යා­ගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත. ඉන් පසුව පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 දක්වා වාචික පිළි­තුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ. අන­තු­රුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා රාජ්‍ය­තා­න්ත්‍රික වර­ප්‍ර­සාද පනත යටතේ අංක 2348/48 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ඇතු­ළත් නියෝග සහ ඛනි­ජ­තෙල් නිෂ්පා­දන (විශේෂ විධි­වි­ධාන) පනත යටතේ අංක 2340/02 දර­න­අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කොට ඇති නියෝග විවා­ද­යට ගැනී­මට නිය­මි­තව ඇත.

ඉන් පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 අතර කාලය සභාව කල් තබන අව­ස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත. 2024 මැයි 9 බ්‍රහ­ස්ප­තින්දා පෙ.ව. 9.30 සිට ප‍.ව. 10.30 කාලය වාචික පිළි­තුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. අන­තු­රුව පෙ.ව.10.30 සිට ප.ව. 5.00 දක්වා සාප්පු හා කාර්යා­ලීය සේව­ක­යන් පිළි­බඳ (සේවය හා වේතන විධි­මත් කිරීමේ සංශෝ­ධන) පනත් කෙටු­ම්පත (දෙවැනි වර කිය­වීම) විවා­ද­යට පැවැ­ත්වී­මට නිය­මි­තව තිබේ. ඉන් පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අව­ස්ථාවේ යෝජ­නාව (විරුද්ධ පාර්ශ්වය) විවා­ද­යට ගැනේ.

2024 මැයි 10 සිකු­රාදා සම්පූර්ණ දිනය වෙන් කර ඇත්තේ අභා­ව­ප්‍රාප්ත හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ට ශෝක යෝජනා ඉදි­රි­පත් කිරී­ම­ටයි. මේ අනුව එදින පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා අභා­ව­ප්‍රාප්ත හිටපු මන්ත්‍රී­ව­රුන් වන යූ.එල්.එම්. ෆාරුක්, අසෝක ජය­ව­ර්ධන සහ ගාමිණී ජය­වි­ක්‍රම පෙරේරා මහ­ත්ව­රුන් පිළි­බඳ ශෝක යෝජනා ඉදි­රි­පත් කිරී­මට කාලය වෙන් කර ඇත.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….